Author: VNews

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ජය ගැනීමට සහය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා යළි තහවුරු කර තිබෙනවා. නවදීල්ලි නුවර පැවති උත්සවයකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රුධිරය, ජලයට වඩා ඝන බව පැවසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දුෂ්කරකාලවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමවිටම සහය ලබා දෙන බවයි.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය කඩුලු 5කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 35යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 188ක් පමණයි. මිචෙල් මාර්ශ් ලකුණු 81ක් ලබා ගත්තා. මොහොමඩ් ශාමි කඩුලු 3ක් බිදහෙළුවා. පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 39යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා තරගය ජය ගත්තා. ලොකේෂ් රාහුල් ලකුණු 75යි. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගනයේදීයි.

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය හෘදයාබාධයකින් සිදුවුවක් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. 2020 වසරේදී ඉන්දියාවේ තමිල්නාඩුවේදී අංගොඩ ලොක්ක මියගොස් තිබුණා. මොහු විදෙස් ගතව සිටිමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා තිබෙනවා.

තව කියවන්​න

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේපල කොල්ලකෑම් සදහා සැකකරු මෙම ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඉත්තෑපාන ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. සැකකරු යගිරල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකුවනවා. ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් රැදවුම් නියෝග මත ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

තව කියවන්​න

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස පසිදු ගුණරත්න මහතා පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. ඊට අදාළ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසිදු ගුණරත්න මහතා වෙත ලබා දී තිබෙනවා.

තව කියවන්​න

රජය මගින් ලබා දී ඇති සුඛෝපභෝගි මොටර් රථ යළි භාර දීම පාකිස්ථාන අමාත්‍යවරුන් පිරිසක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාකිස්ථාන අගමැති ෂෙබාස් ශරීන් අදාළ මෝටර් රථ යළි භාර දෙන්නැයි අමාත්‍යවරුන්ට නියෝග කර තිබුණා. කෙසේවෙතත් එරට අමාත්‍යවරුන් 16 දෙනෙකු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාකිස්ථානය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ අනුව රජයේ වියදම් කපා හැරීමටයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එම නියෝගය ලබා දී තිබුණේ. පාකිස්ථානයේ අමාත්‍ය මණ්ඩලයට සුඛෝපභෝගි මෝටර් රථ 30ක් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරැම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං ඇති වියහැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන්. තද සුළං ගමන් සහ අකුණු මගින් සිදුවන අනතුරැ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිවා විවේකය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 304ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහරදෙන කේන් විලියම්සන් නොදැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටිනවා. හෙන්රි නිකොලෝස් නොදැවී ලකුණු 72යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.

තව කියවන්​න

රැසියානු ජනාධිපති විලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කළේ පුටීන් අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි. යුක්රේණයේ සිට නීතිවිරෝධි ලෙස ළමුන්ව රැසියාවට පිටුවහල් කිරීම රැසියානු ජනාධිපතිවරයාට එරෙහි එක් චෝදනාවක්වනවා.

තව කියවන්​න

හෝමාගම ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක සාමාජිකයින් සඳහා වියළි ආහාර සලාක බෙදාදීමේ  උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ මාර්තු මස 16 වැනිදාට යෙදුනු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙනි. එම උත්සව අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වූවා. ලොව දැවැන්තම රාජ්‍යයක් වන චීනය ඉතිහාසයේ පටන් අපේ රටට සම්පත් ප්‍රමාණයක් දායාද කර තිබෙනවා. ණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් වැනි ඉදිකිරීම්, දැවැන්ත ව්‍යාපෘති ඇතුළු සංවර්ධන කටයුතු රැසකදී චීන රජය ශ්‍රී ලංකාව සමඟ ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කරමින් සිටිනවා. පසුගිය කොවිඩ්…

තව කියවන්​න