Author: VNews

අගලවත්ත වඳුරබ්බ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැමියා නිවසේදීත් බිරිඳ රෝහල් ගත කිරීමෙන් පසුවත් මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 වන අය හා ඔහුගේ බිරිදවන යන අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද දින සිදු කෙරුණු අතර ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරෙඅවා. මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පැවසුවා. ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ…

තව කියවන්​න

තුර්කිය සිදු කළ මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්‍රස්ත සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කළේ ඊයේ දිනයේදී සිදු කළ හදිසි වැටලීම් වලදී අයිඑස්.අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙහිදී නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් සිදු කර තිබෙනවා. පසුගිය සතියේදී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී සාමාන්‍ය වැසියන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම සිද්ධියෙන් පසු යුරෝපයේ රටවල් රැසක් ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ. අද පස්වරු 1.30සිට රාත්‍රී 11.30දක්වා වලංගු වන පරිදියි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

තව කියවන්​න

පාකිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ චීන ජාතිකයින් ගමන් ගත් මෝටර් රථයට පුපුරණ ද්‍රව්‍ය රැගත් මෝටර් රථයක් ගැටීමට සැලැස්වීමෙනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පාකිස්ථාන ජාතිකයෙකු ද මියගොස් ඇති බව සදහන්. කෙසේ වෙතත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ

තව කියවන්​න

මත්පැන් මිල පහළ දමන බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එවැනි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එළඹෙන උත්සව සමය නිමිත්තෙන් මත්පැන් මිල පහළ දමන බවට පසුගිය දින කිහිපයේ ප්‍රවෘත්ති පළ වී තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමිනුයි සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව අවධාරණය කර ඇත්තේ.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්. දකුණු පළාතේත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ . මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත්‘ ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසැල් දූ දරුවන්ටම මෙම වසර අවසන් වීමට පෙර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්. සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 134 වැනි අදියරය යටතේ හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

තව කියවන්​න

ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කලේ එකඟ වූ පරිදි නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි. මාර්තු මාසයේ සිට හෙද කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවට මීට පෙර රජය පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

තව කියවන්​න