- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
එළඹෙන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මහතා ට එරෙහිව නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වනවා . අදාල නඩු පැවරීම සිදු කරනු ලබන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක්වයි . ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කර ඇති නියෝගයට අදාළ ව අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා නොකිරීම මෙම නඩු පැවරීම සිදු කිරීමට මුල් වී තිබෙනවා . ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ මැදිහත්වීමෙන් යුතුව මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ නඩු පැවරෙනු ඇති. එම පක්ෂ පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම…
දියර බිත්තර ආනයනය සදහා අවශ්‍ය අවසර ලබා දී නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දියර බිත්තර ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රතිශතය අඩු කිරීම නිෂ්පල ක්‍රියාවක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ . මෙම දියර බිත්තර වල පිරිසිදුකම ඉතා ඉහල බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා මෙහිදී කියා සිටියා . ජයවර්ධන රුපියල් 1300 සිට රුපියල් 200 ක් දක්වා ආනයනික දියර බිත්තර කිලෝ 1 වක් සඳහා පනවා තිබූ බද්ද පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමටයි පියවර ගනු ලැබුවේ . මේ අතර ආනයනය ප්‍රමාද වූ බිත්තර තොගය අද දිනයේ ඉන්දියාවේ සිට නැව්ගත කිරීමට…
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතයි . මේ හේතුවෙන් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිතා කරනු ලබන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට අද දිනයට පෙර භාර දිය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා . මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට නිකුත් නොකර වෙන්ව තබන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ . එම වාහන අවභාවිතා වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන් සදහා නැවත වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ගැටලුකාරී තත්වයක් මතුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා . මෙලෙස අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව…
ශ්‍රී ලංකාවට ලැබී ඇති මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණය කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි. උතුරු නැගෙනහිර යල කන්නයේ වී වගාව මේ වනවිටත් ආරම්භ කර තිබීම හේතුවෙන් මෙම පොහොරවලින් පළමු තොගය එම පළාත්වල සියලු දිස්ත්‍රික්කයන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොමර්ෂල් පොහොර සමාගමට හා ලංකා පොහොර සමාගමට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත මඩපොහොර මෙට්‍රික් ටොන් 11,537ක් බෙදා හැරීමට පියවර ගත් බවයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේ.
ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් පිරිසක් එක්ව තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. රොසැල්ල – හැටන් දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මල්ලිඅප්පුව ප්‍රදේශයේදි අද පස්වරු 1ට පමණ මෙම පුද්ගලයා මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා. අධික ලෙස බිමත්ව සිටි මෙම පුද්ගලයා දුම්රිය මාර්ගය මැදට වී ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කර තිබෙන බව හැටන් පොලිසිය සඳහන් කළා. තුවාල ලැබූ පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙක්.
තුර්කියේ ගොක්සුන් දිස්ත්‍රික්කයේ රිච්ටර් මාපක 4.4 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණආයතනය සොයා ගෙන ඇත්තේ භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 7 ක් ගැඹුරින් සිදුවී ඇති බවයි. ජීවිත හානි හෝ කම්පනයෙන් සිදු වූ බලපෑම පිලිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල විනාශකාරී භූමිකම්පාවක් පෙබරවාරි 6 වන දින දකුණු තුර්කියට බලපෑම් එල්ල කල අතර ඒ හේතුවෙන් ජිවිත දහස් ගණනක් අහිමි වුනා.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. මුදල් ප්‍රශ්නය හේතුවෙන් නව ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නොවන බවයි ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වාදී ඇත්තේ. නව ඇමැතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට රජය මින් පෙර තීරණය කර තිබුනා. ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා භාරදී තිබෙනවා. එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණයි. නව අමාත්‍ය ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නමද ඇතුලත් කර ඇති බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසල ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් තිබෙනවා. ගංගාව පුරා මියගිය මසුන් පාවෙමින් තිබෙන අතර ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගංවතුර සහ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මසුන් මියයන්නට ඇතැයි සැකකෙරෙනවා. ඕස්ට්‍රේලියාවේ තුන්වන දිගම ගංගාව ලෙසයි ඩාලිං නදිය සැලකෙන්නේ. මීට වසර හතරකට පෙරද මෙම ගංගාව අශ්‍රීව මෙවැනි සිද්ධියක් වාර්තා වී තිබුණා.
විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු ජා ඇලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු සන්තකයේ තිබී විදේශීය දුම්වැටි 2000ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ජාඇල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
නවසීලන්තයත් ටික්ටොක් තහනම් කර තිබෙනවා. ඒ ආරක්ෂක හේතූන් උපුටා දක්වමින්. ඒ අනුව නවසීලන්තයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් භාවිත කරන රාජකාරී ජංගම දුරකතන හා උපකරණවලට ටික්ටොක් යෙදවුම භාගත කිරීම තහනම් වනවා. එසේ නොවුනහොත් චීනය ටික්ටොක් හරහා එම යෙදවුම් අයත් සමාගමේ සහය ඇතිව පරිශීලකයින්ගේ දත්තවලට පිවිසෙනු ඇතැයි නවසීලන්තය බිය පළ කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුනු ගැටළු හමුවේ මේවනවිටත් රටවල් කිහිපයක් චීනයේ මෙම යෙදවුම තහනම් කර තිබෙනවා. එම රටවල් අතරට ඉන්දියාව, කැනඩාව මෙන්ම යුරෝපා සංගමය ද අයත්. මේ අතර අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද පසු ගියදා ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට කටයුතු කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















