Author: VNews

සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටයි අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ජනවාරියේ පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 814 ඉක්ම වූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර සහල්, පරිප්පු සහ සැමන් මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය…

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමන් කරනු ලබන්නේ ප්‍රතිපත්තිමය ගමනක් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මඩ දේශපාලනය තමන්ට අකැප බවයි. මේ අතර ලබන සතියේ දී මහා බැංකුව ඉදිරිපිටට පැමිණීමට තමන් සුදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ මේ වන විට පනවා ඇති අසාධාරණ පොලි අනුපාතය ඉවත් කිරීමට රජය කටයුතු කල යුතු බවයි.

තව කියවන්​න

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපතක් වන කප්රුක ලොතරැයිය මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් “කප්රුක බක් මහ වාසි” ලෙස නම් කරමින් අද දින වෙළදපොලට නිකුත් කර තිබෙනවා. රුපියල් කෝටි 31 ක් ඉක්ම වූ සුපිරි ජය මල්ලක් හිමි එකම ලොතරැයිය මෙය වන බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසන්නේ. රුපියල් 100ක මුදලට මෙම ටිකට්පත මිලදී ගත හැකි අතර සාමාන්‍ය දිනුම් ඇදීමට අමතරව විශේෂ දිනුම් ඇදීමකින් රුපියල් පනස් දහසේ සිට ලක්ෂ 20 දක්වා ජයග්‍රාගහකයින් බිහි කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. මෙම “කප්රුක බක්මහ වාසි” ලොතරැයිපතේ දිනුම් ඇදීම අප්‍රේල් මස 10 වන සදුදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව සදහන්. අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන…

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා. මන්නාරම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල් මහතායි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. වවුනියාව මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව සැකකරුවන්ට බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙනුයි මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ. වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වනවා.

තව කියවන්​න

රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙසයි රුසියානු ජනාධිපතිවරයා එරට ප්‍රකෝටිපතියන්ගෙන් ඉල්ලා ඇත්තේ. යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවතී ව්‍යාපාරික හමුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර තිබෙනවා. එරට ධනපතින්ගේ කාර්යභාරය මුදල් ඉපැයීම පමණක් නොවන බවත්, සමාජයට උපකාර කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

තව කියවන්​න

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමෙන් තම උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් චෝදනා කරනවා. පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් කෙරුණු අතර එහි පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුනා. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් වෘත්තීය නිපුණතා පාඨමාලා වෙත යොමුවීමට ද තමන්ට ගැටළුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ…

තව කියවන්​න

මෙරට රන් මිල තවත් ඉහළ යා හැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා කියා සිටියේ ලෝක වෙළදපොළ් රන් මිල යළි ඉහළ ගොස් ඇති බවයි. එය මෙරට රන් මිලට ද බලපානු ඇති බවයි ඉන්දික බණ්ඩාර මහතා සදහන් කළේ. 2035 වන විට ලොව ආකරවල පවතින සියලු රත්තරන් අවසන් වී යනු ඇති බව ද ඔහු කියා සිටියා. මේ වන විට රන් ආකරවලින් සියයට 85ක ප්‍රමාණයක් භාවිතයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. නමුත් මුදල් ලබාදෙන තුරු දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද බාරදිය නොහැකි බවයි ඇය අද මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ. දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැති බවයි ඇය කියා සිටියේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක්. එහෙත් එම මුද්‍රණ කටයුතු වෙනුවෙන් රජයෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක…

තව කියවන්​න

නවසීලන්තයට එරෙහි එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයට එක්ව ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා එක්දින සංචිතයට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුලත්. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව් වසර දෙකකට පසුව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීම විශේෂත්වයක්. මැතිව්ස් අවසන්වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2021 මාර්තු මාසයේදීයි. නවසීලන්ත තරග සංචාරය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුලත්. මේ අතර සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු 25 වනදා ආරම්භ වීමට…

තව කියවන්​න

ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළදසැල්වල කිරි ආශ්‍රීත ආහාර ද්‍රව්‍යවල නියැදි පක්ෂාවන් සිදුකර තිබෙනවා. මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂා කිරීම් සදහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ. රත්නපුර එරත්න ශ්‍රී පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු හමුවීමත් සමගයි වෙළදසැල් පරීක්ෂාවට ලක්කර ඇත්තේ. නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා වන මාර්ගයේ පිහිටි වෙළදසැල් සහ සංචාරක හෝටල් මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී ලබා ගත් කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල නියැදි වැඩිදුර පරීක්ෂණ සදහා රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කරනු ඇති. ලිස්ටිරියා බැක්ටීරියාව පිළිබද මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ වීමත් සමග ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි…

තව කියවන්​න