- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ලිස්ටීරියා බැක්ටිරියාව ආසාදනය වු බවට සැකකෙරෙන පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවනවා. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ 15 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස රෝහලට ඇතුලත් කර ඇති බවයි. එම සිසුවා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සදහන් කළා. ශ්‍රී පාද වන්දනාවේ නිරත ඇතැම් පිරිස් අතර රෝගී තත්ත්වයක් පැතිර යමින් තිබෙන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවුණා.
සිව්වසරකට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගට අද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2019, 2020 , 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වෙනු ඇති. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද පෙරවරු 09 සිට මධ්‍යහන 12 යි 10 දක්වා විභාගය පැවැත්වෙන බවයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269කදී විභාගය පැවැත්වීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම අද විභාගය සදහා අයදුම් නොකළ පාසල් අයදුම්කරුවන්ට මේ වසරේ 12 වන ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සදහා සිය පාසල් මගින් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මීළග ජනතා අරගලය පෙරට වඩා දැඩි විය හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති තරැණ හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළා. රට යළි ගොඩනැගීමට නම් දුෂණ වංචා නැවැත්විය යුතු බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කළේ.
නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීමට ගෙනආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා. සියලු මන්ත්‍රීවරුන් ඒ සදහා පෙළ ගැසිය යුතු බවයි ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ. අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වෙලේබොඩ මහතා කියා සිටියේ මෙම යෝජනාව පරාජය කිරීමට එක්වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි. නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීම පිවිතුරු අරමුණින් සිදුකරන ප්‍රතිසංස්කරණයක් නොවන බවයි ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ. මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සදහා විස්තීර්ණ අරමුදල් පිළිබද තීරණය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව සහ චීනය ඇතුළු සියලු ද්විපාර්ශවික ණය දෙන්නන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සහතික වීමෙන් පසුව ශ්‍රී ලංකාවට අදාළ වැඩසහටන අනිද්දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති. විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙක් ණය හිමියන් සමග මුල්‍ය කටයුතු සිදුකිරීමට පහසුවක් වනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 09ක මුල්‍ය සහනයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස රජය පෙන්වා දෙන මුල්‍ය ගැටලුවට විසදුමක් ලබා දෙන්නේ නම් මැතිවරණය පැවැත්වීමට රජය සුදානම්දැයි ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටිනවා. එමෙන්ම මැතිවරණයට අදාළ තවත් ගැටළු කිහිපයක් ද පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යොමු කර තිබෙනවා.
උපයනවිට අයකෙරෙන බද්දට අදාළව සහනයක් ලබා ගැනීම සදහා ස්ථිර කාල රාමුවක් සකස් කර ගැනීමට ජනාධිපති ලේකම්වරයා එකග වී තිබෙනවා. වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබද අවධානය යොමු කරන බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළ බවයි. ජනාධිපති ලේකම්වරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපතිවරයා සමග එළඹෙන සතියේදී සාකච්ඡාවක් පැවීමට නියමිත බවයි වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ. ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු වෘත්තිය සමිති නියෝජිතයින් මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි. පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ මැයි දින රැළිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. පක්ෂයේ ඡන්ද පදනම ශක්තිමත් කරගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු පිළිබද මෙහිදී අවධානය යොමුව ඇති බව සදහන්. හෙට දිනයෙන් පළාත් පාලන ආයතනවල කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මේ පළාත් පාලන නියෝජිතයින්ගේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා. මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රිවරයාගෙන් විමසා සිටියා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඉහළ විනිවිදභාවයක් සහිතව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි ජියෝන් චං මහත්මිය හමුවු අවස්ථාවේදීයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙරෙට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබද මෙම හමුවේදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
ගුවන් ටිකට්පත්වල මිල ගණන් සියයට විස්සකින් පමණ අඩු කර තිබෙනවා. ඩොලරයේ මිල අඩු වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ගුවන් ටිකට්පත්වල මිල ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් එකග වු බවයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කළේ. මෙරට ක්‍රියාත්මක ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමත් සමග නව ගුවන් සේවා හතක් මෙරටට පැමිණෙනු ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















