
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා.
ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් .
ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුනා.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ දහවල් වනතෙක් රැදි සිටි භික්ෂූන් වහන්සේ පිරිස පසුව බුද්ධශාසන අමාත්යංශය ඉදිරිපිටට වැඩම කලා.
එහිදි එම අමාත්යංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවක අසාර්ථක වු බව පවසමින් විහාරමහා දේවි උද්යානය වෙත වැඩම කිරිමට භික්ෂූන් වහන්සේ පියවර ගනු ලැබුවා.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10 වනදා මහනුවර දළදා මාලිගය පරිශ්රයෙන් ආරම්භ වූ අතර 16 වනදා කොළඹට ලඟා වුනා.














