- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට දිවයිනට ලඟා වීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි එම සංස්ථාව පැවසුවේ. පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පසුගිය දා තීරණය කරනු ලැබුවා. රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව සඳහන් කළේ අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවයි. රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට ආනයනික බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
2023 පළමු පාසල් වාරයේ 01 වන අදියර යටතේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ 02වන අදියර අප්‍රේල් 17වන සඳුදා ආරම්භ වීමට නිටමිතයි. 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි 13 සිට 24 දක්වා පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
නව කැබිනට් මණ්ඩලය තුල අමාත්‍යධුර ලබා දුන්නද ඒවා භාර ගැනීම සඳහා තමන් සුදානම් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරන්නේ නව පත් කිරීම් හේතුවෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් නැවත බලයට පැමිණෙන බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු දේශපාලන අර්බුදයක් නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සහදරන බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය,මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා. දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පතිකා ද ලබා දීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචි හේවා මහතා කියා සිටියේ. මේ අතර පළාත්පාලන ආයතන 340 ක නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතයි.පළාත් පාලන ආයතන 340ක නිල කාලය හෙට අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්වුණා. පළාත්පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ලබන 20 වනදා රාත්‍රීයේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. ඒ, අනුව එදිනම රාත්‍රියේ ඒ පිළිබඳව නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසූයේ එම එකඟතාවයන් පිළිබඳව වෙබ් අඩවියේ පල කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මේ අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන සිසුන්ට රජයෙන් පොලී රහිත ණය මුදලක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත්…
ජාතිය ගොඩනැගීම වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක්විය යුතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීව වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තිය සමිති නියෝජිතයින් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකළ යුතු බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ.
ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා . විමර්ශන කණ්ඩායම් අදාල ප්‍රදේශවලට යොමු කෙරෙන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ . සත්ත්ව මාංශ හා කිරි හරහා ද ලිස්ටීරියා රෝගය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශය පවසනවා. එහි ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය සඳහන් කළේ, ගවයින් ඇතුළු ක්ෂීරපායි සතුන් අතර මෙම බැක්ටීරියාව පවතින බවයි. මේ අතර පසුගිය මාසයේදී රත්නපුර මහ රෝහලෙන් ලිස්ටිරියා ආසාදිතයෙකු හඳනා ගනු ලැබුවා. එම රෝගියා මිය ගොස් ඇති අතර, ඉන් සති 2ත් 3ත් අතර කාල සීමාවක් තුළ තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම…
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේදී දී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම සිද්දිය සිදුව ඇති බවයි පොලිසිය සදහන් කලේ. මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයා ගෙන තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී 36 හැවිරිදි පුද්ගලයෙක් . සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මේ අතර කාන්තාවන් තිදෙනෙකු ගෙලසිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි . අත්අඩංගුවට…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අද දිනය නිමාවන විට තරගයේ වැඩි ගෞරව අත්කරගන්නට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 580ක්. නවසීලන්ත ඉනිම අගනා ද්විත්ව ශතක දෙකකින් වර්ණවත් වුණා. කේන් විලියම්සන් ලකුණු 215ක් සහ හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තා. ලකුණු 580ක් ලබා සිටියදී නවසීලන්තය සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. ඒ අනුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 26ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියා. ඖෂධ ප්‍රනාන්දු ලකුණු 06කට සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් ලබා ගන්නට…
කිඹුල් සුද්දා නැමැත්තා ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීටියාගොඩ ගෝනපීනුවල ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා. එහිදී බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග බෝර 12 වර්ගයේ උණ්ඩ තොගයක් සන්තකයේ සගවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව අනාවරණ වුණේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරැ කිඹුල් සුද්දා නැමැත්තා බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















