Author: VNews

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් පත් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කළ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්නගේ ස්ථීරත්වයෙන් එම පත් කිරීම සිදුකළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සතු ක්ෂේත්‍රය පුළුල් බැවින් තවත් අනුකාරක සභා දෙකක් පත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අනුකාරක සභාව එක් අනුකාරක සභාවක් වන අතර, කුසලතා සංවර්ධනය හා වෘත්තිය පුහුණු අනුකාරක සභාව අනෙක් කාරක සභාව බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙවැනි දිනටත් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා. ආහාරය උද්දමනය වැඩි වී ඇති අවස්ථාවක සිගරට් මත පවතින බද්ධ අඩු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා . මේ අතර ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා . ඒ පිළිබදව…

තව කියවන්​න

මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා. නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය 21 වනදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුට යි.

තව කියවන්​න

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ජාතික අධ්‍යාපන ආයතනයට යොමු කර ඇති බවයි. ප්‍රාථමික ශ්‍රේණි හා සාමාන්‍ය පෙළ දක්වා ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි වැනි විෂයන්ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගැනෙනු ඇති . මේ අතර, රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . ඒ විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ පෙත්සමක් සලකා බලමින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් . මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මෙලෙස අදහස්…

තව කියවන්​න

පෑලියගොඩ – මැනිං වෙළඳපොල සංකීර්ණයෙන් බැහැර කරන කසළ විශාල ලෙස ඒකරාශීවීම හේතුවෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින්ද අසීරුතාවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් දැඩි දුඟදක් ද පැතිරීම හේතුවෙන් එළවළු, පළතුරු මිලදී ගැනීම සඳහා ජනතාවගේ පැමිණීම ද අඩුවී ඇති බවයි සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසන්නේ . මේ අතර මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් විසින් වෙළඳපොල භූමියේදී උද්ඝෝෂණයක ද නිරත වුණා . ඒ තමන්ට මුහුණපෑමට සිදුව ඇති ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්.

තව කියවන්​න

හාලිඇල – බෝගොඩ ගම්මානයේ දිය පහරකින් එගොඩ වෙමින් සිටියදී අතුරුදන්වූ හත්හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් 10 හැවිරිදි වියේ පසුවන ඇගේ සහෝදරයාගේ සිරුර මේ දක්වා හමුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධියට මුහුණ දුන් දරුවන් බෝගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ කුළී වැඩට ගිය මව නිවසට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් ඇය සොයා ගිය අවස්ථාවේ දරුවන් මෙලෙස සැඩ පහරට හසුව ඇති බවයි. මෙම දරුවන්ගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව සඳහන්. ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව අතුරුදන් වූ පිරිමි දරුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා.

තව කියවන්​න

උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කර තිබෙනවා . ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය එම ආයතනවලට එරෙහිව අලුත්කඩේ හා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලදී ගොනු කළ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින්. ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පනවා ඇති උපරිම මිල රුපියල් 1200 ක් .නමුත් එම පරීක්ෂණය සඳහා මෙම ආයතන රුපියල් 3000 ආසන්න වනතෙක් විවිධ ගණනින් මුදල් අයකර ඇති බව අධිකාරීය විසින් අධිකරණයට කියාසිටියා . එම ආයතන පූර්ණ රුධිර ගණන පරීක්ෂණයට පනවා තිබූ උපරිම මිළ වන රුපියල් 400 ඉක්මවා රුපියල් 1000කට ආසන්න වන තෙක්…

තව කියවන්​න

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද සිට පහත දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි. ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා. ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර,…

තව කියවන්​න

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවන බව සඳහන්. එමෙන්ම මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව හෙට උදෑසන 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වනවා.

තව කියවන්​න

ජගත් ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා. “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්“ යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වනවා. එමෙන්ම ක්ෂය රෝග දිනයට අදාළව අද සහ හෙට යන දිනවල විවිධ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක සංවිධානය කර ඇති බව ද සඳහන්. කෙසේ වෙතත් ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය පැවසුවේ මෙරට ක්ෂය රෝගය වැළඳීමෙන් වසරකට රෝගීන් 500 දෙනෙකු පමණ මිය යන බවයි.

තව කියවන්​න