- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 311.26 ක් ලෙසයි. විකුණුම් මිල රුපියල් 328.60 ක් ලෙස සටහන් වුනා. ඊයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් වී තිබුනා.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බව සඳහන්. එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලිය හැකිද නැද්ද යන්න තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ. අනතුරුව පැමිණිල්ල ලබන…
එළඹෙන අප්‍රේල් 25 වන දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා. මැතිවරණ කොමිසම අද මේ පිළිබද නිවේදනය කළා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරැන් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය පිළිබද නිශ්චිත තීන්දුවකට එළඹීමට නොහැකි වු බවයි කොමිසම නිවේදනය කළේ. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම ද සැලසුම් කළ දිනට සිදු නොකෙරෙනු ඇති.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, ග්‍රෑන්ඩ් හයිට්, හිල්ටන් හෝටලය, ලිට්රෝ සමාගම හා ලංකා හොස්පිටල් සතු රජයේ කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා. රට තුල දැනට පැන නැගී ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. පසුගිය 13 වනදා පැවතී අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රාජ්‍ය ව්‍යවසායන්හි රජය සතු කොටස් අයිතිය ප්‍රතිවි්‍යුහගතකරන ක්‍රියාවලියට අනුමැතිය හිමිව තිබෙනවා. වෙළඳපළ විකෘතිය ප්‍රකෘති කිරීමට අමතරව, මෙම ආයතනවල ඵලදායීතාව ඉහළ නංවා ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ හා සේවා බා දීම තුළින් මෙම ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය හරහා ඉහළ ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගැනීමට රටට…
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් සහ පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් පල කළ ජනාධිපතිවරයා කියා සිටියේ පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවයි. එමෙන්ම දීමනා වැඩි කර තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තවමත් ආරම්භ කර නැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන කතා කරන කිසිවෙකුත් සිසුන් ලක්ෂ 40කගේ මානව හිමිකම් ගැන කතා නොකරන…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන් වෙනවා. 2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කලේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ එමගින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම් ගණනාවක් අභියෝගයට ලක්වන බවයි. නව පනත් කෙටුම්පත පලකර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදියි. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදි සිදුකරනු ලබන ත්‍රස්තවාදි ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රීත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඩුවම් දීම හා නඩුපැවරීමට අදාල විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ…
යුරියා පොහොර මිටියක මිල රුපියල් 7 500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක මිල මෙලෙස අඩු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට වෙළෙදපොලේ රුපියල් 18 500ක මිලකට යුරියා පොහොර මිටියක් අලෙවි වන අතර එම මිල ඉදිරියේදී අඩුවනු ඇති. එමෙන්ම පසුගිය කන්නය සදහා රජයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් යුරියා පොහොර මිටියක් රැපියල් 10000ක මුදලකට ගොවීන්ට ලබා දී තිබුණා.
විනාශ වු යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 411ක් වැයවන බව ලෝක බැංකුව පවසනවා. ඉදිරි වසර 10ක කාලය සඳහා මෙම මුදල අවශ්‍යව ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. විනාශයට පත් නගරවල සුන්බුන් ඉවත් කිරීම සදහා ඩොලර් බිලියන 5ක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂිතයි. කෙසේ වෙතත් යුද්ධය තවදුරටත් පැවතියහොත් මෙම වියදම තවත් ඉහළ යනු ඇති.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවා තිබෙනවා. ඊට අදාළ ආඥාව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුවයි ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. නියෝජ්‍ය කතා නායකවරයා එම ආඥාව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















