Author: VNews

පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් අද දහවල් මෙම අනතුර සිදුවුනා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුලත් කර ඇති අතර මෙසේ තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කල පිරිසක්. වෑන් රථය කොළඹ සිට එරාවුර් දක්වාත් ජීප් රථය පොළොන්නරුවේ සිට හබරණ දක්වාත් ධාවනය වෙමින් තිබෙන අතරතුර මේ අනතුර සිදුව තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ කුඩා ලමුන් හතරදෙනකු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ. ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

සිරියාවේ හදුනාගත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකාව පවසනවා. ඊසාන දිග සිරියාවේ පිහිටි ඇමෙරිකානු කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙසයි මෙලෙස ඇමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ. අමෙරිකාව පවසන්නේ ඉරාන – සිරියා ඒකාබද්ධ කල්ලි ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදුකළ බවයි.

තව කියවන්​න

මේ වසරේ පළමු මාස තුන තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ පළමු මාස තුන තුළ ලක්ෂ තුනකට වැඩි සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි. මේ මාසය තුළ මේ දක්වා සංචාරකයින් 84 000ක් මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළා. රුසියාව, ඉන්දියාව, ප්‍රංශය, සහ කැනඩාව වැනි රටලින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම තුලින් අනාගතයේදී රටට විශාල හානියක් සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරනවා. ඒ මහතා සඳහන් කරන්නේ ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලිකරණය කිරීම තුලින් ජනතාවගේ තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත්විය හැකි බවයි. ඉදිරියේදී එය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවයි චන්න ජයසුමන මහතා කියා සිටියේ.

තව කියවන්​න

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබෙනවා. එමෙන්ම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ටෙස්ටොස්ටෙරෝන් සීමාවන් දැඩි කර ඇති බවයි පාලක මණ්ඩලය ප්‍රකාශ කලේ. එහි සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වන දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට අවසර නොදෙන බව යි. ක්‍රීඩාවේ වඩාත්ම මතභේදාත්මක සහ බෙදීම් ඇති කරවන සුළු ප්‍රශ්නවලින් එකක් වන මෙම ගැටලුව වටා ඇති නීති 2022 වසරේ දී සම්මත කර ගත් ලෝක ජල ක්‍රීඩාවට අදාල නීති හා සමාන අයුරින් යාවත්කාලීන කර තිබෙනවා.

තව කියවන්​න

අලුත් සහල් මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහක සහල් එකතු කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්. ගම්පහ – බියගම – උඩුපිල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදියි එහි සමාරම්භක උත්සවය අද පැවැත්වුනා. මෙලෙස එක් රැස් කරන මහ කන්නයේ සහල් අස්වැන්න ලබන මස 1 වැනි දා සහ දෙවැනිදා ඓතිහාසික අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය සඳහා යොදා ගැනීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 2 වැනි දා අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

තව කියවන්​න

මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි යුරෝපා නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. යුක්රේන ජනාධිපතිවරයා කර්සන් ඇතුළු යුක්රේනයේ නැගෙනහිර සහ දකුණු යුධ කලාපවල සංචාරයක නිරත වුණා. එම සංචාරය අතරතුරදීයි ඔහු යුරෝපා නායකයින්ගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. යුරේපා සංගමය විසින් යුක්රේණයට පසුගියදා කාල තුවක්කු උණ්ඩ මිලියනයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

කොළඹ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට අදාළ සැකකරුවෙකු ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අභියාචනාධිකරණය මගින් නිකුත් කළ නියෝගයකට අනුවයි. රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි සැකකරු මුදැහැර ඇත්තේ. වැඩිදුර නඩු විභාගය ලබන 27 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් බවයි වාර්තාවන්නේ . සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගැනීමට සමත්ව ඇති බව සදහන් . අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා .

තව කියවන්​න

තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතිය තුල යලිත් වරක් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තමන් සුදානම් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් නොලැබීම හේතුවෙන් ඒ පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද දහවල් පැවැත් වුනා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කලේ සිදු කල හැකි කිසිවක් නොමැති වීම හේතුවෙන් තමන්ට මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බවයි. ඒ පිලිබඳ අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කලේ…

තව කියවන්​න