- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ජාත්‍යන්තර මුල්‍ය අරමුද මගින් ලැබුණු ණය මුදෙලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබා ගෙන තිබු ණය ගෙවීම සදහා භාවිත කළ බව රජය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගත් ඩොලර් මිලියන 121ක ණය වාරිගය මෙලෙස ගෙවීමට පියවර ගත් බවයි. මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය රටේ මුල්‍ය ස්ථායීකරණය සදහා භාවිත කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.
බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබා දීම ඉදිරියේදී සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා කියා සිටියේ පසුගිය සමයේ ආණ්ඩුව එවැනි උත්සහයක නිරතව සිටි බවයි. මේ අතර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට වු පොරොන්දුව ජනාධිපති ලේඛම්වරයා විසින් කඩකර ඇති බවයි වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ. ඒ අනුව අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවකින් පසුව වෘත්තිකයින් වෘත්තිය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තිය සමිති නායකයින් මාධ්‍යට මෙලස අදහස් පලකළා.
අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විමර්ශන සදහා රැගෙන යාමේදී වෙඩි තැබීම් මගින් මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් නොකිරීමට අදාළවයි. එස් තුරෙයි රාජා, ඒ .එච්.එම්. ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කළේ. අත්අඩංගුවේ සිටි සැකකරැවෙකු පලායාමට තැත්කිරීමකදී සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියයාමේ සිද්ධියකට එම සැකකරැගේ බිරිද විසින් පෙත්මක් ගොණු කර තිබුණා. එහි තීන්දුව ලබා දෙමින් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසයි. කෙසේවෙතත් පොලිස්පතිවරයාට අදාළ මාර්ගෝපදේශ මාලාව…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කළේ සාලිය පිරීස් මහතා සිය සේවාදායකු වෙනුවෙන් පෙනී සිටිම වරදක් නොවන බවයි. ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනි සිටිමට ඇති වෘත්තිය අයිතියට බරපතල බාධාවක් බවයි එම නිවේදයෙන් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව සාලිය පිරීස් මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධාන්තම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා වෙනුවෙන් නීතිඥවරයෙකු…
අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව අදාළ තරග විභාගය හදිසියේ අත්හිටවු බව අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල , දෙමල හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බදවා ගැනීමට මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණා.
ක්ෂය රෝග දිනයට සමගාමීව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් අද සංවිධාන කර තිබෙනවා. ඒ අනුව ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්වෙනවා. මෙම පාගමන අද පෙරවරැ 09 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වීමට නියමිතයි. ඊට සමගාමිව සෞඛ්‍ය කඳවුරක්ද සංවිධාන කර තිබෙනවා. මේ ක්ෂය රෝග දිනය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාව පිළිබද පැහැදිලි කරන කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සසංක රණසිංහ මහතා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ඇති. එමෙන්ම මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවල ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ. ඒ අනුව අද උදෑසන 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.
සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි එක්දින කණ්ඩායමට එක්වීම විශාල ශක්තියක් බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. නවසීලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක මේ බව ප්‍රකාශ කළා. නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය හෙට ඔක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර එක්දින තරගාවලිට ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වු පුහුණු සැසිය අද පැවැත්වුණා. හෙට ආරම්භ වන නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය පිළිබද සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් මෙලෙස අදහස් පල කළා.
පසුගිය පෙබරවාරි මස පැවතී උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ගෘහ ආර්ථික විද්‍යාව, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව යන විෂයයන් සඳහා මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. එම පරීක්ෂණවලට අදාළ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයැදුම්කරුවන් වෙත තැපැල් මගින් යවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මේ සම්බන්ධයෙන් යම් විමසීමක් ඇතොත් 1911,යන දුරකථන අංක ඔස්සේ තම දෙපාර්තමේන්තුව අමතන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්දිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී තිබෙනවා. එරට ලොක් සභා ලේකම් කාර්යාලය නිවේදනය කළේ රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ආසනය හිස් වී ඇති බවයි. ඒ අනුව ඉන්දීය මැතිවරණ කොමිසමට රාහුල් ගාන්ධිගේ ආසනය සඳහා මන්ත්‍රිවරයෙකු තෝරා පත්කර ගැනීමට හැකිවනු ඇති. රාහුල් ගාන්ධි අපහාස නඩුවකට වරදකරු වු අතර ඔහුට එරෙහිව වසර දෙකක සිරදඩුවම් නියම කෙරුණා. කෙසේ වෙතත් ගාන්ධිට දින 30ක කාලයක් සඳහා ඇප ලබා දීමට එරට අධිකරණය ඊයේ කටයුතු කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















