- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ක්‍රම සහ විධි පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා. එම ස්ථාවර පාර්ලිමේන්තු කමිටුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආදායම් ආයතන අධීක්ෂණය කිරීම, බදු සහ තීරු බදු විමර්ශනය කොට නව අදහස් වාර්තා කිරීම සහ ප්‍රගති සමාලෝචනය ඇතුලත්ව ඇති බව සදහන්. එමෙන්ම විදේශ වෙළෙඳ ගිවිසුම් සහ ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම, සමාජ සුබසාධනය සම්බන්ධ රාජ්‍ය වියදම් ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම ඇතුළු මුදල් අමාත්‍යාංශ විෂය පථයෙන් වැඩි කොටසක් සමාලෝචනය සහ අධීක්ෂණය කිරීමේ බලතල හිමිවන තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකම මත මෙරට පොලී අනුපාත ඉදිරියේදී පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ මෙම ණය පහසුකම නොලැබුණේ නම් වැඩි පොලියට අරමුදල් සපයා ගැනීමට රජයට සිදුවන බවයි. තෙවන හො සිව්වන කාර්තුවන වන විට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළා.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික ගැටලු පදනම් කර ගනිමින් මෙම පියවර ගැනීමටයි පසුගිය සති අන්තයේ දී ඩුබායි හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමකදී සාකච්ඡා කර ඇත්තේ. සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් දරන නමුත්, තරගාවලිය සදහා පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, තරගාවලිය පාකිස්තානයේ දී ම පවත්වා, ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් වෙනත් රටකදී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සමස්ත තරගාවලිය ශ්‍රී ලංකාවේ…
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙවැනි දිනටත් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා. මේ අතර 2020 සහ 2021 යන වසර වල යුධ හමුදා සාමාජිකයන් 25,000ක් සහ 2022 වසරේදී පොලින්ලදාරීන් 1000ක් මෙන්ම මෙම වසරේ පළමු මාස දෙක තුළ පොලිස් නිලධාරීන් 200ක් සේවය අතරහැර ගොස් ඇති බවට ඊයේ විවාදයේදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සදහන් කළා. එම විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මානය කිරීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රට යළි ගොඩනැගිය හැකිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් පමණක් බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ පක්ෂයේ නිර්මාර්තෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ගම් මට්ටමින් පක්ෂය යළි ශක්තිමත් කිරීම පිළිබද මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කර තිබෙනවා. මේ එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශ ජනතාව සිදු කළ ජාතික වැඩ වර්ජනයෙන් ගුවන් තොටුපළ, පාසල් සහ තෙල් පිරිපහදු කම්හල් පවත්වාගෙන යාමට ඊයේ දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වනවා. රජයේ මෙම තීරණය හේතුවෙන් දින 09ක් ලක්ෂ සංඛ්‍යාත ප්‍රංශ ජනතාව වීදි වලට බැස සිය විරෝධය පළ කරන බවයි එම වාර්තා වල සදහන් වන්නේ. මෙහිදී පිරිස විසුරුවා හැරීමට අවස්ථා කිහිපයකදී එරට පොලීසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.
රටේ පවතින ආර්ථික අවපාතයෙන් මිදීමට බදු ආදායම ඉතා වැදගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදුනික සුරාබදු පරීක්ෂකවරුන් පිරිසක් විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. කුරුණෑගල පනදරගම ශ්‍රී ලංකා සුරාබදු අභ්‍යාස විද්‍යාලයෙදීයි මෙම උත්සවය පැවැත්වුණේ. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීම සඳහා සුරාබදු නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි සුරාබදු කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ. වසර 25ක පමණ අත්දැකීම් ඇති සුරාබදු පරීක්ෂකරැවන් 19 දෙනෙකු මෙහිදී සුරාබදු පරීක්ෂක තනතුර සඳහා උසස් කෙරැණා.
දකුණු ආසියාවේ හොදම දුෂණ විරෝධි පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එම දුෂණ විරෝධි පනත කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක කොටස් විකිණීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.
වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුළපනදී ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය විවෘත කෙරැණේ. අභ්‍යාස පොත් අඩු මිලට මෙම අලෙවිසැල මගින් ලබා ගත හැකිවනවා. මෙම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට මෙය අවස්ථාවක් කරගතයුතු බවයි. ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
රජයේ සහ රජයේ අනුමත පාසල්වල තෙවන පාසල්වාරය අදින් අවසන් වනවා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය මෙලෙස අද අවසන් කෙරෙන බවයි. 2023 වර්ෂයේ පළමු පාසල් වාරය ලබන 27 වනදා ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















