- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීම සඳහා ක්‍රියාත්මක කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය සඳහා වන ආධාර තවත් මාස 18කින් දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ නායක සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා පැවැත් වුනා. එහිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෙම ව්‍යාපෘතිය මේ වන විට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින් එය අඛණ්ඩව කරගෙන යන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට තවත් මාස 18ක කාලයක් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිස එකඟ…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් අද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබුවා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ යෝජිත “මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ” අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් එම බැංකුවේ ස්වාධීනභාවයට බරපතල අනතුරක් සිදුවන බවයි. මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන බවත් මහ බැංකුව, පාර්ලිමේන්තුවේ පාලනයෙන් මිදෙනු ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.
පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. තාක්ෂණික පාඨමාලා හදාරනු ලබන සිසුන්ට එහිදී මුල් තැනක් හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කෑගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවෙන් කෲස් මිසයිල 220ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 895ක ගනුදෙනුවක්. වර්ජිනියා කාණ්ඩයට අයත් සබ්මැරීන යොදාගනිමින් මෙම මිසයිල භාවිත කළ හැකියි. එමෙන්ම ඇමෙරිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියකට ද එකඟවී තිබෙනවා. මෙම එකඟතාව නවතම අවි තරගයක් සහ න්‍යෂ්ටික අවදානමක් ලෙසයි චීනය හඳුන්වන්නේ.
ඖෂධ හිඟය යම්තාක් දුරට සීමා කළ ද වෛද්‍ය සැපයුම් අංශවල ඖෂධ 140කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. ඉදිරියේදී මේ සදහා කඩිනම් විසදුමක් ලබා දිය හැකි බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කියා සිටියේ. මේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි. අද පැවැත්වෙන සාකච්ඡාවේදි බදු පනත සම්බන්ධයෙන් තම වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා හා ජනාධිපති ලේකම්වරයා තමන් වෙත එවන ලද ලිපිය සම්බන්ධයෙන් ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළා. මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද 9 වැනි දිනයටත් වැඩවර්ජනයේ නිරත වනවා. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අකර්මන්‍ය වී ඇති අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ , තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ලබා දුන් ප්‍රතිචාරය පිළිගත නොහැකි බවයි.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාව ලබන 23 වනදා පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ . මැතිවරණ කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට නියමිත බවයි කොමිසම සඳහන් කලේ.
මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කළ බවයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ. ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව ඒ මහතා කියා සිටියා. රාජ්‍ය වෙසක් උළෙලට වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහනට ඇතුලත්වනවා. ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියන් ඇතුළු මහා…
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ 70 වන ඡන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණා. මීට සමගාමිව ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාව දීපනි ප්‍රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ජනාධිපතිවරුන්, විදේශ තානාපතිවරුන්, මැති ඇමතිවරුන්, කලාකරුවන් ඇතු`ඵ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත් වුණා. මෙහිදි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත සුබන්දු කෘතිය ද ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ප්‍රඥාබන්දු ශිෂ්‍යත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සදහායි දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට නියමිතව ඇත්තේ. වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා එළඹෙන 25 වනදා විශ්‍රාම ගැනීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















