Author: VNews

දූෂිත රාජ්‍ය නිලධාරින්ගේ සහ දේශපාලනඥයින්ගේ අල්ලස, දූෂණයට එරෙහිව දූෂණ විරෝධී පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට අද යොමු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළා. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී පඥ්ඥප්තියට අත්සන් කළ ශ්‍රී ලංකා රජයට දූෂණයට එරෙහි ශක්තිමත් යාන්ත්‍රණයක් සෑදීමට මේ වන තෙක් නොහැකි වීම හේතුවෙනුයි මෙම තීරණය අධිකරණ අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන්නේ. දැනට ක්‍රියාත්මක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා විශ්‍රාම ශාලාව වෙනුවෙනට බලතල සහිත ස්වාධීන, ශක්තිමත් කොමිසමක් මෙම නව පනත මගින් ස්ථාපිත කරන බවටයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

තව කියවන්​න

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් තම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම හේතුවෙන් තම අධ්‍යාපන අයිතිවාසිකම් උලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් චෝදනා කරනවා. පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වුන අතර පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදය සාමාන්‍ය පෙළ විභාගයටද බලපා ඇති අතර, තවදුරටත් එය කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා කියා සිටියා .

තව කියවන්​න

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබුනද ,රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි. පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාතය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්වුණා. පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්. මේ අතර නියමිත පරිදි පළාත්පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති…

තව කියවන්​න

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් ලැබී තිබෙන බව වාර්තා වනවා. මෙම කරුණු අනාවරණ වුණේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ඊට අදාලව කළ කරුණු දැක්වීමකට අනුවයි. පසුගිය ජනවාරි 20 වැනි දා ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා පැවති වෘත්තිකයින්ගේ සාමකාමී පාගමනේ දී ඊට පොලිසිය විවිධ අවස්ථාවල දී බාධා කිරීම් සිදු කළ බවත්, එමඟින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු සිය පෙත්සමෙන් දන්වා තිබුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 197ක් ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහය පළ කරමින් ඡන්දය පළ කර තිබෙනවා. රුවන්ඩාවේ කිගාලී නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙම ඡන්ද විමසීම සිදු කර ඇත්තේ. රටවල් 208 ක සහභාගිත්වයෙන් පැවති මෙම මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවීමට සහය පළ කරමින් රටවල් 197ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. මෙරට ක්‍රීඩා අමාත්‍යංශයේ අනිසි බලපෑම් මෙන්ම ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම් ආදි කරුණු හේතුවෙනුයි රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහිව මෙලෙස ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ.

තව කියවන්​න

කොළොම්බියාවේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. පසුගිය සදුදා දිනයේ මෙම පතල කඩා වැටුණු අතර එහි ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ දිනයේදී අවසන් වී තිබුණා. ඒ අනුව මෙලෙස කම්කරුවන් 21 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි එරට රජය පවසා ඇත්තේ. කොළොම්බියාවේ පසුගිය වසර තුළ පතල් අනතුරු 117 ක් වාර්තා වී ඇති අතර ඉන් කම්කරුවන් 146 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සදහන් වනවා.

තව කියවන්​න

කන්දකැටිය, වැවතැන්න ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 58 හැවිරිදි වියේ පසු වන කන්දකැටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ. ඔහු අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

බංග්ලාදේශ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. මෙම තරගාවලිය සදහා ආරම්භක පිතිකරුවෙකු වන රෝනි තලුක්දාර් පළමුවරට බංග්ලාදේශ එක්දින සංචිතයට නම් කර තිබෙනවා. ආබාධයකට ලක්වූ සාකීර් හසාන් වෙනුවටයි ඔහු මෙලෙස අයර්ලන්තයට එරෙහී එක්දින තරගාවලියට නම් කර ඇත්තේ.

තව කියවන්​න

අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර පවතින තද වැසි සහිත කාලගුණික තත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවධානමක් මතුව ඇති බව ජාතික…

තව කියවන්​න

හලාවත ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 15ට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සිදු කළ විමර්ශනයේදී සොරකම් කරන ලද රන් මාල 02ක්, රන් පෙන්ඩන් 01 සහ කරාඹු ජෝඩුවක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකාරිය 41 හැවිරිදි වියේ සහ සැකකරු 45 හැවිරිදි වියේ පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න