Author: VNews

ජනතාව සමග එක්ව ඒකාබද්ධ අරගලයකට සුදානම් බව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය රවී කුමුදේශ් මහතා කියා සිටියේ සිය ඉල්ලීම් වෙනුවෙන් රජය සාධනීය ප්‍රථිචාර නොදක්වන්නේ නම් ලබන 22 වනදායින් පසු අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි. මේ අතර වැඩ වර්ජන පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබද සමගි ජන බලවේගය කැදවා තිබු මාධ්‍ය හමුවකදී ද අදහස් පලවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ බදු අයකර ගැනීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනිමේ එක් ක්‍රමයක් පමණක් බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද සමාජය තුළ සංවාදයක් මතුව නොමැති බව දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් පවතින අර්බුදයට හේතුවී ඇති බවයි. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සදහා වන තරගය මේ වන විට නවසීලන්තයේ වෙලින්ග්ටන් හීදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ ආරාධනයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 25 ක් අවසානයේ  එක් කඩුල්ලක් දැවී ලකුණු 87 ක් ලබා සිටියා. මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක නිශාන් මදුෂ්ක ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවා.

තව කියවන්​න

මොසැම්බික් හී මලාවි රාජ්‍යයට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් සදහා කඩිනමින් අධාර උපකාර සිදු කරන ලෙස මලාවි රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තරයෙන් ආයාචනයක් සිදු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. දින 15ක කාලයක් ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍ය දැඩි ලෙස පීඩා විදින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

මස්කෙළිය , මීරියාකෝට්ටේ ශ්‍රී පාද රක්ෂිතයට ඊයේ රාත්‍රියේ ඇද හැළුණු අධික වාර්ෂාවත් සමග එම ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරැ පැවසුවේ මස්කෙළිය ඔය පිටාව ගැලීමෙන් ෆෙයාලෝන් තේ වතුයායේ පිහිටි පුල්ලෙයාර් කෝවිලේ අඩක් ජලයෙන් යටවී ඇති බවයි. මීරියාකෝට්ටේ ශ්‍රී පාද රක්ෂිතයට ඊයේ පස්වරැවේ සිට අධික වර්ෂාවක් පැවති බවයි ඔහු සදහන් කළේ. අධික වර්ෂාව පවතින සෑම අවස්ථාවකදීම පුල්ලෙයාර් හින්දු කෝවිල වැසි ජලයෙන් යටවන බවයි වතු කම්කරැවන් පවසන්නේ.

තව කියවන්​න

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. කුවේට් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා ගම්පොල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රැපියල් ලක්ෂ හතරකට අධික මුදල් වංචා කළ එක් සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි අවස්ථාවේදීයි. සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඕමාන් රාජ්‍යයේ රැකියාවක් ලබා දීමට පුද්ගලයෙකුගෙන් රැපියල් ලක්ෂ 5කට අධික මුදලක් ලබා ගෙන තිබුණා. සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

වාහන ආනයනය කිරීම සදහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති ශාන්ත ගමගේ මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකළ බවයි. කෙසේවෙතත් ඊට සාධනීය පිළිතුරක් මහ බැංකු අධිපතිවරයාගෙන් හිමිනොවු බවයි ශන්ත ගමගේ මහතා සදහන් කළේ. රථවාහන අලෙවියට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම කෙරෙහි ඉදිරියේදී අවධානය යොමු කරන බවයි මහ බැංකු අධිපති නන්දලාන් වීරසිංහ මහතා වාහන ආනයනකරුවන්ට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

සෞදි අරාබිය විසින් මෙරටට රට ඉදි ටොන් 50ක් පරිත්‍යාග කර තිබෙනවා. සෞදි රාජ්‍යයේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසිනුයි මෙම රටඉදි තොගය පරිත්‍යාග කර ඇත්තේ. සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ තානාපති කාලිඩ් භමොෟද් අල්කටානි විසින් බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත මෙම රටඉදි තොගය භාර දී තිබෙනවා.

තව කියවන්​න

ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහා ස්වාධීන කණ්ඩායමක් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහායි. අදාළ කණ්ඩායම වෙත පත්වීම් ලිපි ලබා දීම ඊයේ සිදුකෙරුණා. මෙහිදී ගුවන් යානා අනතුරු විමර්ශකවරුන් 11 දෙනෙකු සදහා පත්වීම් ලිපි ලබා දීම සිදු කළා. ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වතාවටයි ගුවන් යානා අනතුරු විමර්ශකයින්ගේ කණ්ඩායමක් පත්කර ඇත්තේ.

තව කියවන්​න

දළ වශයෙන් මෙරට ජනතාවගෙන් අඩක් පමණ මුඛ රෝගී තත්ත්වයකින් පීඩා විදින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසුවේ මුඛ පිළිකා හේතුවෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කළා. මුඛ පිළිකා රෝගීන් කල් ඇතිව හදුනාගැනීම වඩාත් වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සදහන් කළා.

තව කියවන්​න