Author: VNews

පළාත් පාලන සීමා නිර්ණය නැවත වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව සීමා නිර්නය නැවති වෙනස් විය යුතු බවයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළා. කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බද ඔහු සදහන් කළා. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද වජිර අබේවර්ධන මහතා මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව හපුහින්න මහතා ජනාධිපති කාර්යාලයට මාරුකරයවා ඇති බව සඳහන්. එම ස්ථාන මාරුව හෙට සිට ක්‍රියාත්මකයි. පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස, පසුගියදා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කළ දැනුම් දීමත් සමග නීල් බණ්ඩාර හපුහින්න මහතාට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වුනා. පසුව ඔහු මැතිවරණ කොමිසමට ද කැඳවූ අතර එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා, නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, තමන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත අදාළ ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ බවයි. කෙසේ වෙතත් එවැනි තීරණයක්…

තව කියවන්​න

ලිස්ටීරියා රෝගයේ ව්‍යාපතිය පිළිබද කඩිනම් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් චන්න ජයසුමන මහතා මේ බව ප්‍රකාශ කළා. රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතු වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා චෝදනා කළේ.

තව කියවන්​න

විදුලි බිල ගෙවීමට නොහැකි නම් එම බිල් පත් නොගෙවන ලෙස විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඒ මහතා මේ බව සදහන් කලේ ඊයේ කොලොන්නාවේ පැවති ජන හමුවකට එක් වෙමින් . මෙරට ජනතාව වෙනුවෙන් කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය ලබා ගන්නා බවද විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා . මේ අතර රට මුහුණ දී සිටින ණය අර්බුදය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පලකළා. ඔහු කියා සිටියේ අනාගතයේදී රට තවත් ණය අර්බුදයකට ලක්වනු ඇති බවයි.

තව කියවන්​න

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ඉන් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව සඳහන්. එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15ක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද විශ්‍රාම වැටුප් ලබන බව සඳහන් . විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් වන කලාකරුවන්වන්ගේ සංඛ්‍යාව 4ක්. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් ද විශ්‍රාම වැටුප් ලබන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

තව කියවන්​න

පොලිස්පතිධුරය සදහා නිර්දේශිත නම් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු වී නොමැති බව වාර්තාවනවා. ජනාධිපතිවරයා විසින් පොලිස්පතිධුරය සදහා නිර්දේශිත නම් ව්‍යවස්ථාදායක සභාවට යොමු කරනු ඇති. විශේෂ තීරණ කිහිපයක් ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පොලිස්පතිධුරය සදහා ජනාධිපතිවරයා නිර්දේශ කරනු ලබන නම් අතරින් අයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි. කෙසේවෙතත් වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබුණා. වත්මන් පොලිස්පතිවරයා ලබන 26 වනදා විශ්‍රාමයාමට නියමිතව තිබෙනවා. ඒ අනුව වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබා දෙන්නේ ද නොමැති නම් නව පොලිස්පතිවරයෙකු පත්කරන්නේ ද යන්න පිළිබදව අනිද්දා රැස්වන ව්‍යවස්ථාදායක සභාව තීරණය කරනු ඇති.

තව කියවන්​න

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු සංගම් කිහිපයක් හෙට අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඊට එරෙහිව ක්‍රියාකරන බවයි. ගුරුමාරු මණ්ඩලය අධ්‍යාපනය අමාත්‍යංශය පැවති අතර පසුගියදා එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබුණා. ඒ අනුවයි ගුරැමාරු මණ්ඩලය විසුරුවා හැරීමේ නිවේදනය නිකුත් කෙරැණේ.

තව කියවන්​න

එළඹෙන නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. පෑලියගොඩ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළා.

තව කියවන්​න

පළාත් පාලන ආයතන ද ඉදිරියේදී විධායකයේ පාලනයට නතුවීමේ අවධානමක් මතුව ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. එහි මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා ද මේ වන විට විධායකයට නතුව ඇති බවයි. කෙසේවෙතත් කඩිනමින් මැතිවරණය පවත්වා පළාත් පාලන ආයතන, මහජන නියෝජිත ආයතන බවට පත් කිරීමේ වගකීම රජය සතු බව ද දිසානායක මහතා සඳහන් කළා. පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රීය සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද අදහස් පලකළා. ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණය ද අතුරැදන් වීමේ අවධානමක් මතුව ඇති බවයි.

තව කියවන්​න

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වුණා. නවසීන්ත පළමු ඉනිම ලකුණු 580යි. මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු ලබා සිටිනවා. නොදැවී ක්‍රීඩා කරන නායක දිමුත් කරැණාරත්න ලකුණු 43ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් ලබා සිටියා. ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීමට කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු ලබාගත යුතුවනවා.

තව කියවන්​න