- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙරටට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් අද සිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ අදාළ පොහොර තොගය නිල වශයෙන් මෙරටට භාර දුන් බවයි . යල කන්නයේ වී වගාව ආරම්භ කර ඇති සියලු දිස්ත්‍රිකක්වලට අදාල පොහොර තොගය බෙදා හැරීමට නියමිතව ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළා . මේ අතර 2023 යල කන්නයේ වී හා අතිරේක බෝග වගාව සඳහා අද සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට මහවැලි හා සුඵ’ වාරිමාර්ගවලින් එම ජලය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි…
හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගමන් ගත් යතුරු පැදි එකොළද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය කොට්ටාව ඇරැව්වල හා පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 – 30 අතර වයසේ පසුවන තරුණයන් පිරිසක්. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් අද අලුයම එම ස්ථානයට ගොස් මාර්ග බාධක යොදා යතුරු පැදි 11 සහ පැදිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යතුරු පැදි විවිධ වර්ගයේ යතුරු පැදි වන අතර ඒවායේ අධික ශබ්දය පිට වන ලෙස සැකසූ සයිලන්සර් , විවිධ වර්ගයේ නලා…
හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සැලකිය යුතු අඩුවක් මේ දිනවල දක්නට ලැබෙන බව වර්තවනවා එම ප්‍රදේශය ආශ්‍රිතව පැතිර යන ලිස්ටීරියා බැක්ටීරියා බිය ඊට හේතු වී ඇති බවයි ශ්‍රීපාද මග දෙපස වෙළෙඳාම් කරන වෙළෙඳුන් පවසන්නේ, ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ ඇතැම් පුද්ගලයින්ට ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පසුගිය දිනවල අනාවරණ කළා.
මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරාබදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා පවසනවා. 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් . මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා පැවසුවා. ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදි සියයට 12.2කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන්.
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණයකට අනුවයි මෙලෙස අදහස් යෝජනා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ. අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරනු ලබනවා .
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පි .ටි. අයි පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන්ගේ නිවසින් ප්‍රහාරක රයිෆල් සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ පොලිස් නිලධාරීන් පිරිසක් ලාහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුළු වී සිදුකළ සෝදිසි කිරීම්වලින් අනතුරුවයි. නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර බලා ගමන් කරමින් සිටියදී පන්ජාබ් පොලීසිය එලෙස ඔහුගේ නිවසට කඩාවැදී තිබුණා. සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පන්ජාබ් පොලිස් ප්‍රධානියා පැවසුවේ ඉම්රාන් ඛාන්ගේ නිවසේ තිබී ඒ කේ -47 වර්ගයේ රයිෆලයක් සහ උණ්ඩ විශාල ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි. එමෙන්ම පි .ටි .අයි පක්ෂයේ ආධාරකරුවන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වනවා.
නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා . එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බවයි ඔහු පැවසුවේ . කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළා .
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි . අද දිනය සදහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛාව113 ක්. කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් සහ අනජලෝ මතිවුස් එක් ලකුනුනක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා . මෙම තරගයේදී නවසීලන්තය පළමු ඉනිම සදහා කඩුළු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිය සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. කෙසේ වෙතත් එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 164 ක්…
කළු මුහුද ඔස්සේ යුක්රේනයට ධාන්‍ය අපනයනය කිරීමට රැසියාව යළි අවසර ලබා දී තිබෙනවා. ඒ සදහා යුක්රේනය දින 120 ක් ඉල්ලා ඇති අතර රැසියාව විසින් දින 60 ක කාලයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. තමන්ට පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නේ නම් මෙම අවසරය දිර්ඝ නොකරන බවයි රැසියාව දැනුම් දෙන්නේ. ලොව ධන්‍ය නිෂ්පාදනය අතර යුක්රේනයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. කෙසේවෙතත් පැවති යුද ගැටුම් හේතුවෙන් යුක්රේනය ධන්‍ය නිෂ්පාදනයට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















