Author: VNews

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද යන ප්‍රදේශවලයි මෙම භූ චලන හටගෙන ඇත්තේ. භූ විද්‍යා හා පතල් කාර්යංශය පැවසුවේ මැග්නිටියුට් මාපකයේ ඒකක 3ක් ලෙස එම කම්පන වාර්තා වී ඇති බවයි.

තව කියවන්​න

දළ ඇතුන් ඝාතනය කර ලබා ගත් ගජමුතු සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොට්ටාව ප්‍රදේශයෙදී් මෙම වැටලීම සිදුකර තිබුණා. මොවුන් විසින් මෙම ගජමුතු රැපියල් ලක්ෂ 90කට අලෙවි කිරීමට සැලසුම්කර තිබු බවයි අනාවරන වී ඇත්තේ

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරැ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද දිවා විවේකය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරැණාරත්න ලකුණු 63ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් ලබා සිටිනවා. පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 3ක් බිදහෙළුවා. නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 471ක් පිටුපසින් පසුවනවා. තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.

තව කියවන්​න

ඉන්දියාවේ දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 841ක් වාර්තා වුණා. මාස හතරකට පසුව එක්දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. කේරලය මහාරාෂ්ට ප්‍රාන්තය, කර්නාටක ප්‍රාන්තය සහ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සිදුව තිබෙනවා. එමෙන්ම ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ තුනක් ද වාර්තාවනවා.

තව කියවන්​න

ඉක්වදෝරයේ සිදුවු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6 දශම 7ක අගයක් ලෙසයි. භූ කම්පනයෙන් එරට නගර කිහිපයක ගොඩනැගිලිවලටද හානි සිදුව තිබෙනවා.

තව කියවන්​න

කොටහේන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරැ පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. කොටහේන ප්‍රදේශයේ ත්‍රිරෝධ රථ අලුත්වැඩියා කරන ස්ථානයක් අසලදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. සැකකරැවන් අත්අඩංගුවට ගැනීම සදහා කොටහේන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ දිස්ත්‍රික් තුනකට නිකුත් කළ නායයාමේ අනතුරැ ඇගවීමේ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අදාළ අනතුරැ ඇගවීම සිදුකර තිබුණා. ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 75කට අධික වර්ෂාපතයක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුවයි නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ. බදුල්ල , කෑගල්ල සහ කුරැණෑගල දිස්ත්‍රික්වලට අදාළ නායයාමේ අනතුරැ ඇගවීමේ නිවේදනය බලාත්මක වනු ඇති. තවදුරටත් අධික වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇදහැළුනහොත් පස්කදු කඩා වැටීම් , නායයාම් , ගල් පෙරළීම වැනි ස්වාභාවික ව්‍යසන ඇති විය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ වටිනා කම රුපියල් මිලියන 125,000 ක් බව සදහන් . දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කිරීමටයි තීරණය කර ඇත්තේ .

තව කියවන්​න

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා . එහි සදහන් කර ඇත්තේ නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවයි . අදාළ පත් කිරීමේ ක්‍රමවේදය පිලිබදව මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් එසේ සිදු කල යුතු බවද ඔවුන් අවධාරණය කර සිටිනවා . ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම ලිපිය ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට යොමු කර තිබෙනවා .

තව කියවන්​න