- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
පන්විල, නාරම්පනාව, ඔරුතොට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ නාරම්පනාව දෙස සිට ඔරුතොට දෙසට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ ගැටී අදාළ අනතුරු සිදු ව ඇති බවයි. අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් 11 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අනතුරට පත්වීමෙන් පසු රෝහල් ගත කර ඇති අතර ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරන් වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත්…
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන දෙවැන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට නවසීලන්තයේ වෙලින්ග්ටන් හීදී පැවැත්වෙනවා. ඉනිමක පරාජයෙන් ගැලවීමේ අරමුණින් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 114 ක් අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියා. ධනංජය ද සිල්වා ලකුණු 98ක් ලබා සිටියදී අපරික්ෂාකාරී ලෙස පන්දුවට පහර දීමට යාමෙන් දැවී ගියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 92 ක් ලබා ගතයුතු වනවා.
මහියංගනය ඒ – 26 මාර්ගයේ 18 වංගුවේ, 02වැනි වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බව පොලීසිය පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මාර්ගයේ ඉහළ කොටමේ නායයෑමකට ලක්ව විශාල ගලක් මාර්ගයට පතිතවී මෙලෙස ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග දෙකක් භාවිතා කළ හැකි බව පොලීසිය පවසනවා. ඒ අනුව මහනුව දෙස සිට මහියංගනය දක්වා ධාවනය වන වාහන තැන්නේකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙනිගල මාර්ගය ඔස්සේ ගමන් කර, රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකියි. එමෙන්ම මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන…
ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඉන්දියාවේ විශාකාපට්නම්හීදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි. පන්දුවට පහර දීමේදී විරාත් කෝලි ලකුණු 31ක් සහ අක්සාර් පටෙල් ලකුණු 29ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 53ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 121ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළා.
ගිණිකොනදිග අප්‍රීකාවට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයටපත් පුද්ගලයන් සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පුද්ගල මල සිරුරු 522ක් හමු වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වෙන්නේ. සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මලාවි රාජ්‍යයේ පුද්ගලයන් 438 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම රාජ්‍යයට මේ වන විට දින 14ක කාලයක් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පස්කන්දක් කඩාවැටීමෙන් ලයිම් නිවාස පේලී 4කට හානි සිදුව ඇති බව පොලීසිය පවසනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 7දෙනෙකු කොස්ලන්ද රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුර සිදු වූ ස්ථානයේ ලයිම් නිවාස පේලි 4ට අමතරව කුඩා වෙළදසැලක්ද පිහිටා තිබූ බවත්, දිවිගලවාගත් සියලු පුද්ගලයන් සිය ඥාතීන්ගේ නිවාස වල සහ යාබද පාසලක ආරක්ෂිතව රඳවා ඇති බවත් පොලීසිය සදහන් කළා. පස්කන්ද කඩා වැටීමත් සමග එම ප්‍රදේශයේ විදුලිය විසන්දි වී ඇති අතර, ඒ හේතුවෙන් පස්කන්දට යට වූ පිරිස් සොයා බැලීමට බාධා එල්ල වූ බවත්, එම කටයුතු කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.
අද දිනයේ සිට පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව ගෙන ඇති බවයි . පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුනා. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කර තිබෙනවා.
තවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි. අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්. පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරෙනවා. ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ. ඒ අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත පවතින බවයි ඔහු පවසන්නේ. මේ අතර ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් ඊයේ දිවයිනට ළඟා වුනා.…
ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ගුරුමාරු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි . අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය පසුගිය 17 වනදා නිවේදනය කලා. කෙසේ වෙතත් වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබුනා . මේ සමබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද අදහස් පල කළා .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව අද රාත්‍රියේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම එකඟතාවන් පිළිබඳ වෙබ් අඩවියේ පළ කළ වහාම ජනාධිපතිවරයා ඒ පිළිබඳ සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















