Author: VNews

යුක්රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම චීන ජනාධිපතිවරයා විසින් යුක්රේන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා කරුණු 12ක සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෑමවිටම තමන් සූදානම් බව ද රුසියානු ජනාධිපති චීන ජනාධිපති හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්. කෙසේවෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලැස්ම සාම ක්‍රියාවලිය ඇණහිටීමේ උපක්‍රමයක් විය හැකි බව අමෙරිකාව ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

තව කියවන්​න

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිවු සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකියි. මේ අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන්. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

තව කියවන්​න

කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වැනි තරගයෙන් ජය ගැනීමට දිල්ලි කැපිටල් කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම කඩුළු 9න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 109ක් රැස් කළා. අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 09ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 110ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තව කියවන්​න

මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු මීටියාගොඩ, කලුපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වියේ පසුවන හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

යුක්රේනයට කාලතුවක්කු උණ්ඩ මිලියනයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ සදහා යුරෝ බිලියන දෙකක් වෙන් කර ඇති බවයි එම මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ. මෙම කාලතුවක්කු උණ්ඩ මිලියනය ඉදිරි මාස 12ක කාලය සදහා ලබා දීමට තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමක් විසින් ගිවිසුම්ගත වූ පළමු විදෙස් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආරෝන් ෆින්ච් පත්ව තිබෙනවා. මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තරගාවලිය සදහා එක්වන තවත් විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු පිළිබද තොරතුරු ද නිවේදනය කෙරුණා. එම ක්‍රීඩකයින් වන්නේ ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටොයිනිස්, මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාවේ අන්රික් නොකියා, ක්වෙන්ටන් ඩී කොක් හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි. මාෂ් හා ඩී කොක් ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත සියැටල් ඔර්කාස් කණ්ඩායම සමගයි. ස්ටොයිනිස් සැන් ෆැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම සදහා ද, නොකියා හා හසරංග වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම…

තව කියවන්​න

මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 24 වැනිදා දක්වා දින 04ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පවසනවා. ඒ අනුව අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වන අතර පෙරවරු 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති අතර, අනතුරුව නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ ගැසට් පත්‍රයක පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා. ඉන්පසු පෙරවර10.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ…

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි බව වාර්තා වනවා . විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඊයේ පස්වරුවේ මෙම පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා . මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එම පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා . මේ අතර ඊයේ දිනයේදීත් මැතිවරණය සම්බන්ධයෙන් දේශපාන නියෝජිතයින් විවිධ අදහස් පල කළා . මේ…

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු සංගම් නියෝජිතයින් පවසනවා. තම ගැටලුවට විසදුමක් නොලැබුණහොත් හෙට දිනයේ කොළඹ කොටුව ප්‍රදේශයේදී ගුරු වෘත්තීය සමිති සියල්ලගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ . ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් .

තව කියවන්​න

මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර මහතා කියා සිටියේ මේ වන විට අදාළ සිතියම් සකස්කර අවසන් බවතයි . එමෙන්ම ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා . 2012 වසරේ දී අවසන් වරට ජන හා නිවාස සංගණනයක් සිදු කරනු ලැබුවා . කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසරේ සිදු කිරීමට නියමිතව තිබූ සංගණනය කල් දැමීමටයි කටයුතු කලේ . වයස, සෞඛ්‍ය, රැකියාව සහ පදිංචිය ආදි තොරතුරු ලබාගැනීමට මෙවර සංගණනයේ දී නියමිත බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන…

තව කියවන්​න