Author: VNews

පළමු ශ්‍රේණියේ සිට සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිතා කිරීම දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ලබන 30 වනදා සිට මෙය ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ. මේ අතර 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කාලින කිරීම් සිදු කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ. කොළඹ විශ්ව විද්‍යාලීය නව කලාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සදහා අලි අගල් කැපීමට හිටපු වනජීවි අමාත්‍යවරයා ඇතු`ඵ බලධාරින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. ඒ පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. පෙත්සම්කරුවන් පෙන්වා දුන්නේ මෙම අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය පාරිසරික නීතින්ට පටහැනි ආකාරයෙන් සිදු වන බවයි. මේ තුළින් කුඩා සතුන්ට මෙන්ම ශාඛ, ජල පෝෂක ප්‍රදේශවලට ද දැඩි හානි සිදු වන බව නීතිඥවරුන් පෙන්වා දුන්නා.

තව කියවන්​න

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව පැවසුවේ නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදියි. නායකත්වයට සමුදීමේ තීරණය සම්බන්ධයෙන් තේරීම් කමිටුව දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි දිමුත් කරුණාරත්න කියා සිටියේ. කෙසේ වෙතත් ඊළඟ තරගාවලියෙන් පසු නව නායකයෙකු හට අවස්ථාව ලබා දීමට තීරණය කළ බවද ඔහු පැවසුවා. එමෙන්ම අද අවසන් වූ නවසීලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3 කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව මහ බැංකුව පවසන්නේ එම ආයතන තුනෙහි අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රවර්ධනකරුවන් බැංකු පනතෙහි වගන්තිවලට පටහැනිව ක්‍රියා කර ඇති බවයි.

තව කියවන්​න

ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි අධිවේගි මාර්ගයක සිදු වූ රිය අනතුරකින් ළමුන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 16 හැවිරිදි ළමයෙකු විසින් අධික වේගයෙන් ධාවනය කර ඇති මෝටර් රථයක වේගය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදු ව තිබෙනවා. අවුරුදු 8 ත් 17 ත් අතර වයස් වල පසුවන දැරියක් ඇතු`ඵ පිරිමි දරුවන් 5 දෙනෙක් සිද්ධියෙන් මියගොස් ඇති බව සදහන්.

තව කියවන්​න

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා. කලාපීය අර්බුද, යුක්රේන යුද්ධය ගැන අවධානය යොමු කිරීම හා ඉන්දු -ජපන් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඔහුගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණයි. සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත ජපාන අග්‍රාමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

තව කියවන්​න

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ති බෙනවා . දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියම මෙම නියෝගය නිකුත් කළා. කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුලු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ පැමිණිල්ල ගොනුකර තිබෙනවා .

තව කියවන්​න

කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කාන්තා කණ්ඩායම අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

රට තුළ මේ වන විට නිෂ්පාදනය වන්නේ බිත්තර ඉල්ලුමෙන් සියයට 30ක් පමණක් බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පවසනවා. එහි ජ්‍යේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහතා මේ බව කියා සිටියේ මහනුවර දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම රජය, වී සඳහා පැනවූ සහතික මිලේ වාසිය ලබාගෙන ඇත්තේ මහ පරිමාණ වී මෝල් හිමියන් පමණක් බවයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් චෝදනා කරන්නේ. මහ පරිමාණ වී මෝල් හිමියන් සහතික මිලටත් වඩා අඩුවෙන් වී තොග මිල දී ගැනීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ.

තව කියවන්​න

රුසියා යුක්රේන ගැටුම් නවතා දැමීම සඳහා තාර්කික විසඳුමක් අවශ්‍ය බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ රුසියා සංචාරය අතරතුරදීයි. සංචාරයක නිරතවීම සඳහා චීන ජනාධිපතිවරයා අද රුසියාවට පැමිණීමට නියමිතයි. එහිදී රුසියා යුක්රේන යුද්ධය නවතා දැමීම සදහා හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට චීනය සූදානමින් සිටිනවා. ඒ වෙනුවෙන් පවත්වන සාකච්ඡා සදහා යෝජනා 12ක් චීනය ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා පදනම් කර ගනිමින් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ෂී ජින් පින් ජනාධිපතිවරයා රුසියා දිනපතා පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා. චීන ජනාධිපතිවරයා සාකච්ඡා සදහා රුසියාවට පැමිණෙන අතරතුර රුසියාව යුක්රේනයට තවත් භට පිරිස් යොමුකර ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා.

තව කියවන්​න