- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සමගි ජන බලවේගයෙන් නව තනතුරක් හිමිව තිබෙනවා. ඒ සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ සංවිධානයක් වන සමස්ත ලංකා සමගි පෞද්ගලික අංශ සේවක සංගමයේ සභාපති ධුරයයි. ඇයට ඊට අදාළ පත්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් පිළිගන්වනු ලැබුවා
හොරණ – රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද අලුයම පෞද්ගලික බස් රථයක් හදිසියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මගීන් රැගෙන ගමන් ආරම්භ කිරීමත් සමග බස් රථයේ ඉදිරිපස කොටස ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේ මගීන් 40 කට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් එහිදි තුවාල සිදු වී නැහැ.
පළාත් පාලන ඡන්දය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අනිද්දා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවා ඇති අතර එහි දී එම තීරණය ගන්නා බවයි කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.
මහ මැතිවරණයකට ඉඩ ලබා දෙමින් තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාඕචා කටයුතු කර තිබෙනවා. එරට මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රායුත් චාඕචා තායිලන්ත අග්‍රාමාත්‍ය දුරයට පත් වූයේ 2014 වසරේ හමුදාපති ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය ලබා ගැනීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මේ වන විට තායිලන්ත ජනාධිපතිවරයා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව සිටිනවා.
ප්‍රංශ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට එරට විපක්ෂය සූදානම් වන බව විදෙස් වාර්තා පවසනවා. ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් මෙම විශ්වාස භංග යෝජනා ගෙන ඒමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා දීර්ඝ කිරීමත් සමගයි මෙම අර්බුදය හට ගනු ලැබුවේ. එමෙන්ම යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ ද පැවැත්වෙනවා. පසුගියදා උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ද හටගෙන තිබුණා.
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අවධාරණය කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය පහසුකම පිළිබදව කිසිදු කරුණක් සැගවීමට අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ඒ සම්බන්ධ සියලුම කරුණු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි පැවසුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැතිවරණවලට බලපෑම් සිදු කරන බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පැවසුවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රාවෝ පවසනවා. ඔහු පැවසුවේ ඉදිරි වාරික ලබා දීම සෑම මාස 6 කට වරක් ශ්‍රී ලංකාව මත සිදු කරන සමාලෝචන මත රඳා පවතින බවයි. එමෙන්ම මාස 48ක කාලයක් සදහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය තීරණය කළා. මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සදහා ධන බද්දක් ද මෙම වැඩසටහනට ඇතුලත් බවයි මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රාවෝ පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට අනුමත කළ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපතිවරයා කරුණු දක්වන ලදී. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මුදල් භාවිතා කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇති බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















