- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක මහතා අද සිය දුරයේ වැඩ භාරගනු ලැබුවා. ඒ කොළඹ 07 පිහිටි එම අමාත්‍යාංශයේදියි. 1990 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ රංජිත් අශෝක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේ්‍යෂ්ඨතම නිලධාරියෙකු වනවා. මීට පෙර මෙම තනතුරේ වැඩකටයුතු සිදු කරනු ලැබුවේ නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින්. ඊයේ දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැදවීමක් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුවයි අද දින මෙලසෙ නව ලේකම්වරයෙකු පත් කර ඇත්තේ. පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට ලිපියක්…
මින් ඉදිරියට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරි ගමන ගෙන යා යුතු බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවේදී සභාගත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඇතැම් ආනයන සීමා ලිහිල් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය පිළිබදව වැඩිදුර අදහස් දැක්වීම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට…
ගුරු වෘත්තිය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම්, ගුරු මාරු මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බව ගුරු වෘත්තිය සමිති පවසනවා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් නොලැබුණහොත් හෙට දිනයේදී ගුරුවරුන් කොළඹදී විරෝධතාවයක නිරත වීමටයි ගුරු සංගම් තීරණය කර ඇත්තේ.
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට නියමිත බව විදස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහු අද පෝලන්තයට පැමිණ එහි සිට දුම්රියෙන් යුක්රේනය බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයෙකු සක්‍රිය යුද කලාපයක සංචාරය කරන පළමු අවස්ථාව මෙය ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රයේ බැංකු ඇපකරය හත්ලක්ෂ 50,000 සිට මිලියන 3 දක්වා ඉහළ නංවා තිබෙනවා. එම ඇපකරය දෙවන වසරේ සිට මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. රැකියා ඒජන්සි සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා, මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරියේ දී එහි ක්‍රියාකාරිත්වය දැඩි නියාමනයට ලක් කිරීමට ද පියවර ගන්නා බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, සදහන් කලේ ”මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකරන බවයි .
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සැලකිය යුතු අඩුවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 316 ශත 84 ක් ලෙස සටහන්ව තිබුණා. එමෙන්ම විකුණුම් මිල රුපියල් 334 යි ශත 93 ක් ලෙස සටහන්ව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා විසින් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.
මැතිවරණය කල් යාම මත ඊට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් 3000 කට අධික පිරිසක් අසරණව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද පැවසුවා. අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සදහන් කළා. එහිදි විමල් වීරවංශ, රංජිත් මද්දුමබණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අදහස් පළ කළා. මේ අතර පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධව පියවර ගනිමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ යළි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් රාජ්‍ය සේවයේ යෙදෙන කාලය අතරතුර දේශපාලන කටයුතුවල නිරත නොවන බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගෙන ඔවුන්ට වැටුප් ගෙවීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවතින විභාග සදහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්්‍ය කරමින් 2020 වසරේ දෙසැම්බර් මස 30 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදාළ යෝජනාව ඉවත් කර ගන්නා ලෙස ප්‍රකාශ කිරීමත් සමගයි. මෙහිදි දෙපාර්ශවයෙන්ම සිදු කරන ලද ඉල්ලීම්වලට අනුකූලව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ඒ අනුව ඇති වූ උණුසුම්කාරි තත්ත්වයත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට නොහැකි වීම හේතුවෙන් මෙම කාරණය සැලකිල්ලට ගෙන කතා නායකවරයා විසින් ඡන්ද විමසීමක් සිදු කරන ලෙස කැඳවනු ලැබුවා. මේ අනුව පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 113 දෙනෙකු අදාළ ගැසට් නිවේදනයට අකමැත්ත…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















