Author: VNews

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් සතුව ඇති රජයේ කොටස් විකුණා දැමීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා . මෙම තීරණය අදාළ සමාගම් විසින් ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම්දීමටයි කටයුතු කලේ . අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම පියවර ගන්නා බව ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සනින් කොළඹ කොටස් වෙළෙඳපොළට යැවූ ලිපියේ සඳහන් වනවා . එම ලිපියේ තවදුරටත් සදහන් වන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය මගින් අදාළ කොටස් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති බවයි . සිය සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන රජයේ කොටස් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට්…

තව කියවන්​න

අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ හා අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිසක් අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා . මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ස්ථාපිත කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු විධිමත්ව හා සාර්ථකව සිදුකළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයේ දකුණු අප්‍රිකා රජයේ අත්දැකීම් ලබාගැනීමටයි . අදාළ කොමිසම මෙරට තුල ස්ථාපිත කිරීමට තීරණය කර ඇත්තේ ජාතීන් අතර සාමය හා සංදියාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණෙන් යුතුවයි . දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම ගැටුම්කාරී වාතාවරණයකින් පසු රටවල් තුළ සාමය හා සංදියාව වැඩිදියුණු කිරීමට පිහිටුවනු ලැබූ කොමිසන් සභා අතරින් සාර්ථක කාර්ය භාරයක් ඉටුකළ ආයතනයක් වනවා .

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය සදහා එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර, මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා වන බවද එම විධායක මණ්ඩලය සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් අද උදෑසන 08.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . එමෙන්ම මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් අද දිනය තුල සිදු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා . මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික…

තව කියවන්​න

මහනුවර-මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස වසා තැබෙනු ඇති.

තව කියවන්​න

ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර ජි 20 සමුළුවට සමගාමී රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රැස්වීම් මේවනවිටත් ආරම්භ වී තිබෙනවා.එවන් පසුබිමක් තුළ පකිස්තානයෙන් එල්ල වන බාධා මැඩපැවැත්වමින් ඉන්දියාව ජි 20 සමුළුවට සමගාමී හමු කිහිපයක් ජම්මු කාශ්මීරයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ජි 20 සාමාජික රටවල සංස්කෘතික අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් ලබන මැයි මාසයේදී කාශ්මීරයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉන්දියාව ජි 20 සමුළුවට සමගාමී විවිධ හමු කාශ්මීරයේ පැවැත්වීම වැළැක්වීම සඳහා පකිස්තානය චීනය, තුර්කිය සහ සෞදි අරාබිය වැනි රටවලට ද බලපෑම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හාර්බොක් ( Bonnie Horbach) මහත්මිය හා  සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් අද  පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය. සෞඛ්‍ය අමාත්‍ය  කාර්යාල පරිශ්‍රයේදී  මෙම  හමුව පැවැත්විණි. මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා තානාපතිවරිය අතර අදහස් හුවමාරු කර ගැනිණි විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුවූ  ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හා එහි වත්මන් තත්ත්වය, එම අභියෝගය ජය ගැනීම සඳහා ගැනුණු හා ගන්නා ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් තත්ත්වය ආදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය. නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය පදනම් කරගෙන නෙදර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ලබා දියහැකි සහයෝගය පිළිබඳව තානාපතිවරිය මෙහිදී අමාත්‍ය  රඹුක්වැල්ල මහතාට…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලබා දීම සදහා එම ආයතනයේ විධායක කමිටුව ඇමෙරිකාවේදී අද රැස්වීමට නියමිතයි. එහිදි ගන්නා තීරණය හෙට පෙරවරු 8 වන විට ප්‍රසිද්ධියට පත් කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ. එමෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පසුගිය දා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට නියමිත ණය පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කළේ ආණ්ඩුවේ ප්‍රශ්න විසදා ගැනීම සදහා මූල්‍ය අරමුදලේ සහන ලබා ගන්නා බවටයි.

තව කියවන්​න

දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව සදහන්. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහාත් අදියර 1 යටතේ නාය යෑම් නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව…

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද දින ඉතා සු`ඵ පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.71 ක් ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම විකුණුම් මිල රුපියල් 349.87 ක් ලෙස සටහන් වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සදහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟ විය නොහැකි බවයි ඔහු සදහන් කළා. සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනතාවගේ අයිතින් උල්ලංඝනය වන ලෙසට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අතර මැතිවරණය සදහා දින 7 ක් තුළ මුදල්…

තව කියවන්​න