- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
දුම්කොළ සමාගම් සදහා සියයට 75ක බදු පැනවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. රජයේ ඇතැම් පාර්ශව දුම්කොළ සමගාම්වල අතකොලු බවට පත්ව ඇති බවටයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යළි රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා. පක්ෂ මුලස්ථානයේදී සිය කටයුතු ආරම්භ කරමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සැලසුම් සහගතව කටයුතු කරන බවයි. දයාසිරි ජයසේකර මහතා පෞද්ගලික හේතුවෙක් මත විදෙස් ගතවී තිබු අතර ඒ වෙනුවෙන් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබුණා. මෙම පත් කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වුණේ.
පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. එළඹෙන අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබද මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගනු ඇති. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ලබන 28 වනදා සිට 31 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි. කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා දීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යාම පිළිබද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය…
ඒ අනුව අද දෙවන දිනටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා. විපක්ෂය සිදු කළ ඉල්ලීමකට අනුවයි ඊයේ දිනයේදී මෙම විවාදය ආරම්භ කෙරුණේ. ජනාධිපතිවරයා මේ පිළිබද සිදු කළ කතාවේදී වැදගත්ම ලිපියක් සභාගත නොකල බවත්, අදාළ ලිපිය නොමැතිව විවාදය සිදු කර පළක් නොවන බවත් ඊයේ විවාදයේදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවා. මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. වෘත්තිය පුහුණු අධිකාරිය අද කෝප් කමිටුව හමුවට…
ලංකා ගමනා ගමන මණ්ඩලය තුල මින් ඉදිරියට ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවතී උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිමිවීමත් සමග ආර්ථික දේහයේ හුස්ම වැටීම යළි ආරම්භ වී ඇති බවයි.
කොවිඩ් 19 වෛරසයේ ආරම්භය පිළිබද තොරතුරු වර්ගීකරණය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ කොරෝනා වෛරසයේ මුලාරම්භය පිළිබද තොරතුරු ලබා දීමට කොංග්‍රස් මණ්ඩලය තමන් සමග සාකච්ඡා කළ බවයි. අදාළ පනත අමෙරිකාවේ සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද සම්මත වී තිබෙනවා. එමගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු හැර වෛරසය සම්බන්ධයෙන් තොරතුරු වර්ගීකරණය කර හෙළි කිරීමට නියමිතයි.
වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. රජයේ විගණාකාධිපතිවරයා විසිනුයි මෙම විමර්ශන වාර්තාව සකස් කර ඇත්තේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොණු කර තිබුණා. එම පෙත්සම් අද කැඳවු අවස්ථාවේදී විගණකාධිපතිවරයා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.
බගවන්තලාව කෙසෙල්ගමු ඔයේ තිබි අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිලිදියකගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා. බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිල මහා විදුහල අසලින් ගලා බසින කෙසෙල්ගමු ඔයේ බිලිදු මලසිරුරක් ඇති බවට එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම් දිමක් මතයි සිරුර සොයාගෙන ඇත්තේ. දරු ප්‍රසුතියෙන් පසු බිලිදියගේ සිරුර කෙසෙල්ගමු ඔයට ගෙනවිත් දැමුවාද නැතහොත් ගබ්සාවකින් පසු බිලිදිය කෙසෙල්ගමු ඔයට ගෙනවිත් දැමුවාද යන්න පිලිබදව බගවන්තලාව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. ගොඩගත් සිරුර දින තුනකට පමණ ඉහතදි ප්‍රසුත කල හෝ ගබ්සා කල බිලිදියක් බවට සක කෙරෙන අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බිලිඳු සිරුර දික් ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය වෙත…
ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිශක්ති ඌණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ලංකාව තුළ තවමත් ලිස්ටීරියා ව්‍යාප්ත වීමක් හඳුනාගෙන නොමැති බවයි, කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුවත් කරන ලෙසයි අමාත්‍යවරයා සඳහන් කලේ. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවයි. මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















