- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ටජිකිස්ථානයේ, ආජින්ටිනාවේ භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. රිච්ටර් පරිමාණයේ ඒකක 5.9 ක අගයක් ගත් ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එමෙන්ම ආජින්ටිනාවේ ද රිච්ටර් පරිමාණයේ ඒකක 6.5ක භූ කම්පනයක් සිදුව ඇති බව සඳහන්.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයිනපුරා සියලු කාර්යාලවල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගී වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ ඉටුනොවන අතර අයකැමි අංශ ද වසා දැමීමටයි ඔවුන් සැලසුම් කර ඇතතේ. කෙසේ වෙතත් මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වනවා. සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වලත්, උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු 10දෙනා අතරට නැවත පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා. ඒ අනුව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙන දිමුත් කරුණාරත්න මේ වන විට පසුවන්නේ 10වැනි ස්ථානයේයි. මීට අමතරව දිනේෂ් චන්දිමාල්ද ස්ථාන දෙකක් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 17 වැනි ස්ථානයේ පසුවනවා. මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 4න්ද, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ස්ථාන දෙක බැගින්ද ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී පහලට ගොස් තිබෙනවා.
පේදුරුතුඩුව, නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තිබූ ධීවර බෝට්ටු 10ක් ඊයේ අළුයම් කාලයේදී ගිණි තබා තිබෙනවා. ඒ අනුව ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කළා. මෙම ගින්න ඇති වූ අවස්ථාවේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ක ගින්න මැඩපවත්වා ඇති අතර, ගිනි ගැනීමෙන් බෝට්ටු වලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සදහන් කළේ. මෙම බෝට්ටු වලට ගිනි තැබීම සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබදව පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසියි වැඩිදුරටත් සදහන් කළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දී ඇති උපදෙස් තුළින් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ආර්ථික විශේලේෂකයින් පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආර්ථික විද්‍යා විශ්ලේෂක ආචාර්ය චමින්ද මළලසේකර මහතා ද අදහස් පලකළා. ඔහු කියා සිටියේ මෙවැනි මුල්‍ය පහසුකමක් ලැබී ඇත්තේ ලෝකයේ සීමිත රටවල් ප්‍රමාණයකට බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා. හොරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගත් බවට පෙරියසාමි සුරේෂ් කුමාර් නැමැත්තා මෙහිදි වරදකරු බවට පත්වුණා.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 21න් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවයි. ඉන්දියාවේ චෙන්නායිහී පැවති තුනවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 269ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 248ක් පමණයි. මෙම තරගාවලි ජයත් සමග මෙතෙක් පළමු ස්ථානයේ සිටි ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට ඇද දමමින් එක්දින ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථානයට පැමිණීමට ඔස්ට්‍රේලියාව සමත්…
පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් මාපකයේ 6යි දශම 5ක ප්‍රභල භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට අපත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 300ට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මෙම භූකම්පනය බලපෑ ප්‍රදේශ වල ගොඩනැගිපි විශාල වශයෙන් හානියට ලක්ව ඇති බවත්, ඒ අනුව විපතට පත් ජනතාවට නවාතැන පහසුකම් ලබා දීම අසීරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.
රාමසාන් උපවාස සමය හෙට සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. නව අඩ සද ඊයේ දිනයේ දර්ශනය නොවු බවයි කොළඹ මහ පල්ලිය සදහන් කළේ. ඒ අනුව රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















