Author: VNews

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. සාපරාධි අපහාස නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස සිරදඩුවම් නියම කෙරුණා. රාහුල් ගාන්ධි 2019 වර්ෂයේ දී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට රාහුල් ගාන්ධි මහතා වරදකරු වී තිබෙනවා.

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ කිහිපයක අනිද්දා පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය බව පවසනවා. විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යවශය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. ඒ අනුව අනිද්දා පෙරවරු 11 සිට රාත්‍රි 09 දක්වා, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශිය සහා බල ප්‍රදේශවලට ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනවා. අදාළ කාලය තුළ රත්මලාන, කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

තව කියවන්​න

ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවටයි ආනයන කරුවන් පවසන්නේ.

තව කියවන්​න

සමස්ත දිවයිනම ආවරණය පරදි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල ඇසේ සුද ඇතිවීමේ රෝගයෙන් පෙළෙන රෝගීන් 500 දෙනෙකු සදහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කර කාච දැමීමේ අක්ෂි කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය තීරණය කර තිබෙනවා. මෙම අක්ෂි කදවුර හෙට දිනයේදි මෙන්ම අප්‍රේල් මස 15, 16 සහ 17 යන දිනවලදී කොළඹ 07 විද්‍යාල මාවතේ පිහිටි ශ්‍රී ලංකා අක්ෂි දාන සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සදහන්. දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීම අත්හිටුවා ඇති අවස්ථාවක සියලු බරපැන දරමින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මෙම…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය පිළිබදව දෙවන දින විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. විපක්ෂය සිදු කළ ඉල්ලීමකට අනුවයි මෙම විවාදය ආරම්භ කෙරුණේ. මේ පිළිබදව අද දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මුදල් ලබා නොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය යළිත් කල්යනු ඇති බවටයි. විපක්ෂ නායකවරයා දැක්වූ අදහස්වලට පිළිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ පසුගිය යහපාලන කාලසීමාව තුළදි පළාත් පාලන මැතිවරණය පමණක් නොව පළාත් සභා මැතිවරණයද කල් තැබූ බවයි. පළාත් පාලන මැතිවරණය…

තව කියවන්​න

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මොහු සම්බන්ධයෙන් පැමිණිලි 20ක් පමණ ලැබී ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු ඌරාපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ලෙස වාසය කරමින් විවිධ අවස්ථාවල රුපියල් හය ලක්ෂ 25,000 සිට රුපියල් දාහතර ලක්ෂ 75,000ක් දක්වා මුදල් ලබා ගෙන ඇති බව ද හෙළිව තිබෙනවා. මොහු වංචා කළ මුදල රුපියල් කෝටි 2කට අධිකයි.

තව කියවන්​න

අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුලකට මෙවර යල කන්නය සදහා රුපියල් 30 000 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක 6 ක ගොවි පවුල් 48 000 ක් සදහා එම සහන දීමනාව ලබා දීමට එම නියෝජිත ආයතනය එකගත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. එය රුපියල් 15 000 බැගින් වාරික දෙකක් යටතේ ලබා දෙන්නේ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සදහායි. වගා කරන ලද බෝගවලින් අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව ඒවා විකුණා ගැනීමට නොහැකිව අසරණ වූ ගොවීන් බොහෝමයක් සිටින බව සමස්ත…

තව කියවන්​න

ආණ්ඩුව විසින් අධිකරණයේ ගෞරවය හා පෞරෂය කෙලෙසමින් කටයුතු කරන විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට දරණ උත්සාහයට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදියි. නීතියේ ආධිපත්්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ නොතිබුණු අර්බුදයක් වර්තමානයේදී පැමිණ ඇති බවයි විපක්ෂය වැඩිදුරටත් පවසන්නේ. ඊට එරෙහිව ඒකාබද්ධ වැඩපිලිවෙළක් සදහා මුහුණ දීමක් ලෙස මෙලෙස ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ බවටයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.

තව කියවන්​න

ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සදහා ලබා දීමට නිකුත් කිරීම තවත් දින 3 කින් කල්ගත වනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. අද දින පාර්ලිමේන්තුවේදි රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිත බවයි.

තව කියවන්​න

ඇමරිකානු මහ බැංකු සිය පොලී අනුපාත යළි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව එරට බැංකුව විසින් සියයට 4.75ක්ව පැවති පොලී අනුපාතය සියයට 5 දක්වා සියයට දශම 25කින් ඉහල දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉහළ යන උද්ධමනය හමුවේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයද ඉහල යන උද්ධමනය හමුවේ පොලී අනුපාත ඉහල දැමීමට සූදානම් වන බව වාර්තා වනවා.

තව කියවන්​න