Author: VNews

ලේක ජල දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව “ජලය සහ සනීපාරක්ෂක ගැටලු සදහා කඩිනම් ප්‍රවේශයක් යන්නයි” ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වන දාට යෙදී ඇති අතර එය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1993 වසරේදියි. පෘථිවියේ හතරෙන් තුනක් ජලයෙන් වසා පැවතියත් ඉන් පානය කළ හැක්කේ සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ. අපිරිසිදු ජලය පානය කිරීම හේතුවෙන් වාර්ෂිකව ලොව මිලියන 1.4 කට අධික පිරිසක් මිය යන අතර තවත් මිලියන 74 ක පිරිසකගේ ආයු අපේක්ෂාව පහළ යන බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. මේ අනුව පිරිසිදු ජලය කළමනාකරණය කර ගනිමින් කටයුතු කිරීම ලොව සියලුදෙනාගේම වගකීම…

තව කියවන්​න

ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වීමට නියමිතයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුවයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. මීට පෙර අවස්ථා දෙකක දී මෙම විමර්ශනය පවත්වා තිබුණ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගී වී නොමැති බවටයි වාර්තා වුණේ. අදාළ විමර්ශනය සදහා හෙට පෙරවරු 10 ට මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිත බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

තව කියවන්​න

උතුරු ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ එම භූකම්පනය හටගෙන ඇති බවයි . එම කම්පනය පාකිස්තානයේ උතුරු ප්‍රදේශයටද දැනී ඇති අතර නිවසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර භූකම්පනයෙන් තවත් 300ක් පමණ දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. භූකම්පනයෙන් ඇෆ්ගනිස්තානයට සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා. මෙහි කම්පනය ඉන්දියාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තව කියවන්​න

අවිසාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කොළඹ කොටුවෙන් අවිසාවේල්ල බලා ඊයේ රාත්‍රී ධාවන වූ අදාළ දුම්රිය මීගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලී පැනීමකට ලක්ව ඇති බවයි . මේ හේතුවෙන් අවිසාවේල්ල සිට පෙරවරුවේ ධාවනය සඳහා වෙනත් දුම්රියක් යෙදවීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . කෙසේ වෙතත් පාදුක්කේ සිට වග දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය බලධාරීන් සඳහන් කළා .

තව කියවන්​න

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා . ඔහු එහිදී පවසා ඇත්තේ, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවයි . ඒ අනුව මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහාද භාවිත කිරීමට හැකියාව ලැබී තිබෙනවා .

තව කියවන්​න

මෙම වසරේ මැයි මාසයේ දී රටවල් හතරක සහභාගීත්වයෙන් දැල්පන්දු තරගාවලියක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා . මේ සඳහා මාලදිවයින් / කෙන්යා ජාතික කණ්ඩායම් මෙන්ම සිංගප්පූරු සංචිත කණ්ඩායමක් සහ මැලේසියානු ක්‍රීඩා සමාජ කණ්ඩායමක් සහභාගී වනු ඇති . සුහද තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මැයි මස දෙවැනි සතියේ දී ආරම්භ කරන බව ද ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කළා.

තව කියවන්​න

යුධ හමුදා සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන සේවාවන් ඇගයීමට ලක් කර තිබෙනවා. මෙම ඇගයීම සිදු කරනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්. එම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා. යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 9.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර, අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියම ද්විත්වයක්, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 08වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතයක් පිළිබද විවාදය පැවැත්වීමට නියමිතයි. මේ අතර එළැඹෙන අප්‍රේල් මාසය වන විට ජනතාවට දැනෙන ලෙස බඩු මිල අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුක ආණ්ඩුව කටයුතු කරන බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. දරුණු අනතුරක…

තව කියවන්​න

ඉන්දුනිසියාවේ ළමුන් සදහා ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ගයක් ලබා දීම හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා ළමයින් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උණ රෝගය වැළදීමත් සමග ඇති වූ කැස්ස සදහා මෙම පැණි වර්ගය ලබා දී ඇති අතර, පසුව වකුගඩු වල සිදු වූ ආබාධ හේතුවෙන් මෙම ළමුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ ළමුන්ගේ දෙමව්පියන් විසින් ඉන්දුනීසියා රජයට සහ ඖෂධ සමාගම් 08ට එරෙහිව නඩු පවරා ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ එක් ළමයෙකු සදහා ඇමරිකානු ඩොලර් 195,000ක් සහ ආබාධ වලට ගොදුරු වී සිටින ළමයෙකු සදහා ඇමරිකානු ඩොලර් 130,000ක් බැගින්…

තව කියවන්​න