Author: VNews

අයි. එම්. එෆ් මුල්‍ය අරමුදල ලබා ගැනීම තුලින් සිදුකර ඇත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීම නොව කඩා දැමීම බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ වසර 75ක කාලය තුල රට පාලනය කල නායකයින් සිදුකර ඇත්තේ කෝටි ලක්ෂ 30ක ණය බරක් ජනතාවට හිමිකර දීම බවයි. මේ අතර අයි. එම් . එෆ් මුල්‍ය අරමුදල මෙරටට හිමිවීම සම්බන්ධව ජනතාව දැක්වූ අදහස් දැන්.

තව කියවන්​න

අවම වශයෙන් ඉදිරි මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පවතින තත්වය අනුව අප්‍රේල් 25වනදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත බවයි.

තව කියවන්​න

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 330යි ශත 16ක් ලෙසයි. එහි ගැනුම් මිල 312යි ශත 31ක් ලෙස දැක්වුණා. මේ අතර, කොළඹ හෙට්ටිවීදියේ රන් පවුමක මිල රුපියල් 10,000 කින් අඩු වී තිබෙනවා. ඒ අනුව කැරට් 22 පවුමක මිල රුපියල් එක්ලක්ෂ 51,250 ක් වන අතර, කැරට් විසිහතරේ පවුමක මිල රුපියල් එක්ලක්ෂ 65,000ක් වන බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ

තව කියවන්​න

ජල සම්පාදන මණ්ඩල සේවකයින් යළිත් වැඩ වරජනයකට අවතීර්ණ වීමට සුදානම් වී තිබෙනවා. තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට දිනයේදී යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සැලසුම් කල බවයි ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ. පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළිත් විභාග කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර වැඩවර්ජනය අත්හිටුවනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන්. ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ…

තව කියවන්​න

මාරාන්තික කැන්ඩීඩා ඕරිස් දිලීර රෝගය අමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතිනවා. අමෙරිකාවේ ප්‍රාන්ත රැසක මෙම දිලීර රෝගය පැතිරයමින් තිබෙන බවයි එරට රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය සදහන් කළේ. එමෙන්ම මෙම දිලීර රෝගය දැනට පවත්නා ඖෂධවලට ඔරොත්තු දීමට සමත් බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය වඩාත් වේගයෙන් වර්ධනය වීම තර්ජනයක් වී ඇති බවයි. කැන්ඩීඩා ඕරිස් නම් වන දිලීරය මීට වසර 15කට පමණ පෙර ජපානයෙන් වාර්තා වී තිබුණා.

තව කියවන්​න

වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ ගිලි අතුරුදන් වු තරුණයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ නාවික හමුදා කිමිදුම්කරුවන් සිදු කළ මෙහෙයුමකදීයි. ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් සිව්දෙනෙකු ඊයේ පස්රුවේ අතුරුදන්ව තිබුණා. ඒ අනුව සිදුකළ මෙහෙයුමකදී එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගත්තා. එම ප්‍රදේශයේ පැවති අධික වාර්ෂාපතනය හේතුවෙන් අනෙක් සිරුරු සොයා ගැනීමට අසීරු වී තිබුණා.

තව කියවන්​න

2022 වරසට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. එමගින් ශිෂ්‍යත්වයේ ප්‍රතිපල මත මේ වසරේ 6 ශ්‍රේණිය සදහා ඇතුලත් කිරීමට හැකියාව පවතිනු ඇති. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩියට පිවිසීමෙන් මෙම කඩයිම් ලකුණු ලබා ගත හැකිවනවා. කඩයිම් ලකුණු මත සුදුසුකම් ලබා ඇතත් පාසලක් ලැබී නොමැති නම් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. grade 05

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීරණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාල එකගතා ලියවිල්ල ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා. අද පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා භාර ගත්තේ ගිනි ගෙන විනාශ වූ රටක් බවයි. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මගින් තරුණ තරුණියන්ගේ අනාගතය යළිත් ගොඩනැගිය හැකි බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ. විපක්ෂයෙන් කුමන චෝදනා එල්ල කළ ද ශ්‍රී ලංකා මාතාව අසීරු වැල් පාලමෙන් එතෙර කිරීමට තමන්ට හැකි වූ බවටයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…

තව කියවන්​න

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ආගමන හා විගමන පාලකවරයාට නියම කර තිබෙනවා . අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා . අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී ඒවායේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති…

තව කියවන්​න

දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

තව කියවන්​න