- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යෝජිත හේතු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් තමාට දැනුම්දීමක් සිදුකර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසනවා. එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවත්, එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා සදහන් කළා. මේ සම්බන්ධයෙන් අද දිනයේදී ප්‍රකාශයක් සිදු කරන බවයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. ඒ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද ප්‍රමාධ කර කර තිබෙනවා. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජයගත් නවසීලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.
වැලිඔය, මොණරවැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිඔය පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 56ත් අතර පසුවන වැලිඔය, පදවිය, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, පන්නල හා මීරිගම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
2022 උසස් පෙළ විභාගයට අදාළ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අද දින ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර සැළසුම් කර තිබුණේ අද සිට ලබන මස 06 වැනිදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටයි. කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද සිට නියමිත පරිදි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.
පද රචකයාට සහ සංගීතඥයාට සමානවම ගායකයාට ද ගීතයේ සම අයිතිය ලබා දීමට අදාලව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන සියළු පාර්ශවයන් සදහා ලබා දීම පිළිබදව ඊයේ වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සංගීත වැඩසටහන්වල සැකැස්ම සහ එහි ආකෘතිය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව එම යෝජනාවලට අදාළව ප්‍රමිතියක් සකස් කිරීමට සහ ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් හැකියාවක් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කලේ . එමෙන්ම යූ ටියුබ් සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිතව කතෘ හිමිකම සම්බන්ධයෙන් අදාළ ගැටලුවලට ද නීතිමය වශයෙන්…
එළඹෙන ජූලි මස 31 වනදා සිට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය අගෝස්තු මස 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගාවලිය සඳහා සහභාගී වන එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට හැකියාව පවතිනවා . ඒ සඳහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කරගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ . මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5 ක් ක්‍රීඩා කරනු ලබන අතර ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 කදී මෙම තරග පැවැත්වීමට නියමිත වනවා .
රටක සංවර්ධනය සදහා ශක්තිමත්ම පදනම වැටෙන්නේ අධ්‍යාපන වැඩපිළිවෙල ශක්තිමත් වුනොත් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළා.
ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ප්‍රාතමික පාසලක් තුළ සිදු කළ වෙඩිතැබීමකින් පාසල් ළමුන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 28 හැවිරිදි කාන්තාවක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. මෙලෙස වෙඩි වැදීමෙන් ජීවීතක්ෂයට පත් පාසල් ළමුන් තිදෙනා 9 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් පුද්ගලයන් තිදෙනා වයස අවුරුදු 60ට වැඩි බවද අනාවරණය වී තිබෙනවා. මෙලෙස ඇමරිකාව තුළ වෙඩි තැබීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ සිදුව ඇති අතර, ඒ අනුව එරට ජනතාව සදහා ගිණිඅවි නිකුත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මෙම උපදෙස් ලබා දීම සිදු කළේ. මෙහිදී ආයතන කිහිපයක වාර්ෂික වාර්තා අනුමත කිරීම සඳහා උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ අතර ඇතැම් වාර්ෂික වාර්තා 2018, 2019 වර්ෂවලට අදාළ වීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වුණා.
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙන්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගතයුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන පිළිබඳ සොයා බැලීමට සහ හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට සාමාජිකයන් පත් කර තිබෙනවා. ඒ අනුව එම කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා. එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, සීතා අරඹේපොළ, අරවින්ද කුමාර්, රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගයාශාන් නවනන්ද, ශීවඥානම් ශ්‍රීතරන්, කාවින්ද ජයවර්ධ යන මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා. මීට අමතරව රෝහිණී කුමාරි විජේරත්න,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















