- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ල කොටස් කර විකිණීමේ සුදානමක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. එහි දේශපාලන මණඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ ණය ගෙවීම සදහාද කිසිදු ආර්ථික සැලැස්මක් ආණ්ඩුවට නොමැති බවයි . එමෙන්ම රාජ්‍ය ආයතන පුත්ගලිකරණය කිරීමට එරෙහිව විරෝධය පල කරන බවයි ඔහු සදහන් කලේ . මේ අතර රාජ්‍ය ආයතන පුත්ගලිකරණය කිරීමට තුලින් ජනතාවගේ සුභ සාදනය අහිමි වන බවද දුමින්ද නාගමුව මහතා පැවසුවා .
සෞදි අරාබියේ අසීර් පලාතේ සිදු වූ බස් රථ අනතුකින් හජ් වන්දනාවට සහභාගී වූ පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම අනතුරෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ. අදාළ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රේල් පීල්ලක වැදී පෙරලී ගොස් ගිණි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 2019 වසරේදීද මෙවැනි අනතුරක් සිදුව ඇති අතර, එහිදි විදේශිකයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලැබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා . මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මස 04 වන දින කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිත බවයි . පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා . ඒ අනුව අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද නොපැවැත්වෙනු ඇති බව සදහන් . කෙසේවෙතත් පළාත්…
හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් (28) දින වාර්ෂික බෝනස් මුදල් ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය. පිහිනුම් නිමි ඇදුම් නිෂ්පාදනය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 750 දෙනෙකු පමණ සේවය කරන අතර , එම සේවකයින්ගෙන් වැඩි පිරිසක් වැඩ වර්ජනය කරමින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලකයින්ගෙන් වාර්ෂිකව ලබාදෙන රු 24000/= බෝනස් මුදල ලබාදෙන ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත. වැඩ වර්ජනයේ නිරත සේවකයින් පිරිසක් ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් පිටතට පැමිණ සිටි අතර , තවත් පිරිසක් ඇගළුම් කර්මාන්ත ශාලාව තුල රැදි සිටිමින් විරෝධතාවයේ නිරත විය. එම සේවකයින් කියා සිටින්නේ එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ වසර ගණනාවක සිට වාර්ෂික බෝනස්…
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා. පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසන්නේ මෙය පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ගුණයකින් පහළ යාමක් බවයි. මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා කියාසිටියේ එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් දක්වා අඩු වී ඇති අතර, ඊයේ වන විට බෝංචි කිලෝවක මිල රුපියල් රුපියල් 100 දක්වා අඩු වී ඇති බවයි . තක්කාලි කිලෝ එකක් රුපියල් 150ත් – 180ත් අතර මිලකට අලෙවි වන අතර, රුපියල් 450කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 – 100 අතර මිලකට අලෙවි වන බවද මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති වරයා…
ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට නන්දසිරි මහතා 81 වන වියේ පසු වූවා. ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා කියා සිටියේ කලක් තිස්සේ රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා, ඒ මහතාගේ නිවසේදීම අභාවප්‍රාප්ත වී ඇති බවයි. දෝන අමලින් කටුගම්පොල සහ විලියම් පෙරේරා යන දෙපළට දාව 1941 පෙබරවාරි මස 15 වන දින උපත ලද සනත් නන්දසිරි මහතා ගොතටුව මහ විද්‍යාලය, සෙන්ට් මැතිව්ස් කොලේජ් සහ මහාබෝධි මහා විද්‍යාලයෙන් අධයාපනය ලබා තිබෙනවා. මල්කාන්ති පීරිස් සමගින් සනත් නන්දසිරි මහතා විවාහ වූවා. සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
මැදවච්චිය දුම්රිය ස්ථානයේ පිහිටි ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් හය ලක්ෂ 11,550ක් වටිනා ඩීසල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඩීසල් ලීටර 1,500ක් පමණ ඉන් සොරාගෙන ඇති බවටයි වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ . පසුගිය 12 වනදාත් 16 වනදාත් අතර මෙම සොරකම සිදුව ඇති බවත් පැය 24 පුරා ආරක්ෂාව ලබා දී තිබියදීත් මෙලෙස ඉන්ධන සොරකම් කිරීම ගැටලුසහගත බවද එම සන්ධානය වැඩිදුරටත් කියා සිටියා.
මෙම දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි . බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ද පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් කියාසිටියා . මේ ඒ පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලිකළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මකයි. මෙම සත්‍යග්‍රහයට විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති හැර සියලු වෘත්තිය සමිති එක්ව ඇති බව සදහන්. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පැවුසුවේ, ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී සාකච්ඡා කර තීරණයකට එළැබෙන බවයි. ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජගත් විජේගුණරත්න මහතා කියාසිටියා . ඊයේ පෙරවරුවේදීයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛණිජ තෙල් සේවකයින් මෙම සත්‍යග්‍රහයේ ආරම්භ කරනු ලැබුවේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිළිකළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ…
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. දකුණු අප්‍රිකාවේ ජොමැනස්බර්ග් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 09.30ටයි ආරම්භ වීමට ඇත්තේ. දෙරට අතර පැවති දෙවැනි 20යි 20 තරගයේදී ලෝක වාර්තාවක් සමගින් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















