Author: VNews

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය හිමි වීම පිළිබදව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මාර්තු මස 30 වන දා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙරට සියලුම ණය හිමියන් සමග පූර්ණ විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් අදාළ සාකච්ඡාවට සහභාගි වනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලීනා ජෝජියේවා ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමක් පිළිබඳ අනතුරු අඟවනවා. චීනයේ පැවති දේශනයක දී ක්‍රිස්ටලීනා ජෝජියේවා මෙම අනතුරු ඇඟවීම සිදුකිරීම විශේෂත්වයක්. එහි දී ඇය පෙන්වා දී ඇත්තේ ගෝලීය ආර්ථිකය අවදානම් සහගත වුවද චීන ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු පෙන්නුම් කර ඇති බවයි.

තව කියවන්​න

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනට වීරකැටිය ප්‍රදේශයේදී එක්වෙමින්.මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස දෙකක් සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇති බවයි.

තව කියවන්​න

බදු බර අඩු කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද දින උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඔවුන් මූලික වශයෙන් ඉල්ලා සිටින්නේ උපයන විට බද්ධ ඉවත් කරගන්නා ලෙසයි. එමෙන්ම රුහැණු සරසවියේ සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය විරෝධය පළ කරනු ලැබුවා. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුම් නොලැබුණහොත් යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවයි. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව අද දින උපාවසයක් ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසනවා. මේ පිළිබදව වැඩිදුරටත්…

තව කියවන්​න

මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යට අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ. කුමන ආකාරයක මැතිවරණයක් පැවැත්වුවද තම කණ්ඩායම ඒ සදහා සූදානම් බවටයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

තව කියවන්​න

මෙරට වෙළදපොලේ රත්තරන් මිල ගණන් අද දිනයේ පහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් එක් ලක්ෂ හැට එක් දහසක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් එක් ලක්ෂ පනස් අටදහස් තුන්සියයක් දක්වා පහළ ගොස් තිබෙනවා. එමෙන්ම එක් ලක්ෂ හැත්තෑපන්දහසක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ දෙදහසක් දක්වා පහත වැටී ඇති බව සදහන්.

තව කියවන්​න

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපොල වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවය සදහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පැවසුවේ. මෙම වැටලීම් සදහා 3000කට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා. පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළදපොලේ පවතින්නේ නම් ඒ පිළිබදව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යනු ඇති බව වාර්තා වනවා. මාර්තු මස 09 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කර තිබුණද පසුව එය අප්‍රේල් මස 25 වනදාට කල් දමනු ලැබුවා. කෙසේ වෙතත් අප්‍රේල් මස 25 වන දින ද මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. එමෙන්ම ජාතික ජන බලවේගයේ නියෝජිත ලාල් කාන්ත මහතා පැවසුවේ ජනතාවගේ අයිතින් උල්ලංඝනය කරමින් ආණ්ඩුව මැතිවරණය කල් දමමින් සිටින බවයි.

තව කියවන්​න

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ගාලු මුවදොර අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. කෙසේ වෙතත් එම පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය අද නියෝග කළේ.

තව කියවන්​න

යාපනය කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් අප්‍රේල් මස 29 වන දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ වන විට අරම්භ කර තිබෙන බවයි වරාය, නාවිකා හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය විවෘත බවද අමාත්‍යවරයා සදහන් කළා. මෙම යාත්‍රාවේ ගමන් වාරයකට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් බවද වාර්තා වනවා.

තව කියවන්​න