- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද බොරතෙල් බැරලයක මිල පෙර දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 73.27 ක් ලෙස අද සටහන් වූනා . එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.58 ක් ලෙස සටහන් වී තිබෙනවා . මේ අතර අප්‍රේල් මාසයේ ඉන්ධන සංශෝදනයක් සිදු වුවහොත් බස් ගාස්තු පහල දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා . අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගකර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනා . ඊයේ රාත්‍රියේ සැකකරු සිය නිවසේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කලේ.
දරුවන් අතර ඇස් රෝගයක් මෙම දිනවල පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. බොහෝ දරුවන්ගේ ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ .
යෝජිත හම්බන්තොට නව තෙල් පිරිපහදුව සඳහා ඊයේ අවසන් දිනය වන විට සමාගම් 7 ක් අයදුම්කර තිබෙනවා. එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරට චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් අයත් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා. ඒ අනුව තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව එම යෝජනා ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇති. මේ අතර තෙල් සංස්ථාව විකිනීමට එරෙහිව වෘත්තීය සමිති ආරම්භ කල සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ඊයේ දිනයේ මෙම සත්‍යග්‍රහය…
හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක ඇතුලත හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක් අමතමින් . හරිත ආර්ථිකය හඳුන්වාදීමේ සමුළුවට පැමිණි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට පහසුකම් සලසා දීමේ වගකීම තමන් භාර ගන්නා බව ත් දිගුකාලීන වැඩපිළිවෙළක් වන මේ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව…
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි . සනත් නන්දසිරි මහතාගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා . දශක හයකට අධික කාලයක් මධුර හඬින් ගී ගැයූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුනා. කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා මියයන විට 81 වැනි වියෙහි පසුවුනා . ඔහු 1942 පෙබරවාරි 15 වන දින ගොතටුව ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා . ඔහු ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටුතු කරනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලාංකේය සංගීතයේ…
එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් තිබෙනවා. කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද මේ බව දැනුම් දුන්නා. වී හා බඩ ඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුනා. එම කාරණය සැලකිල්ලට ගනිමින් අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙසයි කෘෂිකර්ම අමාත්වරයා රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
තම පාලනයට එරෙහිව පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායකයා සදහන් කරනවා. මියන්මාරයේ වාර්ෂික හමුදා පෙළපාලිය ඊයේ පැවති අතර එයට සහභාගී වෙමිනුයි ජෙනරාල් මින් අවුන්ග් හ්ලෙන්ග් මේ බව සදහන් කර සිටියේ. 2021 වසරේ කුමන්ත්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට හමුදාවට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. එහිදී උද්ඝෝෂකයින් හා හමුදාව අතර හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. මියන්මාරයේ ඉදිරි ගමනට බාධා කරන කිසිදු කටයුත්තක් පාලනය කිරීමට හමුදාව නොපැකිළිව කටයුතු කරන බවයි හමුදා නායකයා පවසන්නේ.
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි, මැතිවරණ කොමිසම පවසනවා . එම කොමිසම සඳහන් කළේ, සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි. මේ අතර මේ සතිය තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවට අවස්ථාවක් ලැබෙනු ඇති බවටද , අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා . කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අප්‍රේල් 04 වැනිදා කොමිසම රැස්වී මැතිවරණය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පුර් සූර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සාම්පූර් බලාගාරය ඉදිකිරීමට තිබු ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 2කින් ක්‍රියාත්මක කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්. පළමු අදියර ලෙස ඩොලර් මිලියන 42.5ක ආයෝජනයක් යටතේ මොගවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ ඩොලර් මිලියන 23.6ක වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි. මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමටයි සැළසුම් කර ඇත්තේ. දෙවන අදියර ලෙස ඩොලර් මිලියන 72ක ආයෝජනයක් යටතේ අතිරේක මෙගවොට් 85ක ධාරිතාවයකින් යුත් සූර්ය විදුලි බලාගාරයක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















