Author: VNews

ආයෝජන සහ ව්‍යාපාර සදහා ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ගමනාන්තයක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තායිලන්තයේ පැවති ආසියා ෆැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ සංසදයට එක්වෙමින් . මෙම සංසදය සාමාජික රටවල් 53ක් සහ ආශ්‍රිත සාමාජිකයන් 9 දෙනා අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන අභියෝගවලට විසදුම් සෙවීම සදහා කටයුතු කරනු ලබනවා . මෙහිදී ශ්‍රී ලංකාව සෙසු රටවල සහයෝගය ඇතිව දෘෂ්‍යමාන ආර්ථික ස්ථාවරත්වයක් කරා පැමිණ ඇති ආකාරය පිළිබදවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදු කළා.

තව කියවන්​න

මැතිවරණය පැවැත්වීම සදහා ආණ්ඩුව කිසිදු සුදානමක් නොමැතිව සිටින බව පැෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ විශේෂඥ කමිටු හරහා පළාත් පාලන ආයතන පාලනය කිරීමට විධායකට හැකි වන බවයි . මේ අතර මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන නියෝජිතයින් විසින් විවිධ අදහස් පල කළා . මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන , ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී ලාල් කාන්ත ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් .

තව කියවන්​න

බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාවක් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසනවා . එම මුදලට බිත්තර ලබා දිය හැක්කේ කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් පමණක් බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ . බොහෝ පිරිස් බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් කර්මාණ්තයෙන් ඉවත්ව ඇතැයිද ඔහු ප්‍රකාශ කළා . මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ඊයේ පස්වරුව දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා . එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතාකියා සිටියේ බිත්තර තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි…

තව කියවන්​න

විදෙස් සමාගම් 3 ක් සදහා මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටියේ. ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදි කිරීම මගිනුයි මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොල සදහා පිවිසීමට අදාළ සමාගම්වලට අවසර හිමි වන්නේ. මෙහිදි අදාළ සමාගම්වලට වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් ද හිමි වන අතර මේ තුළින් ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම මෙන්ම අලෙවියට ද අවසර හිමි වනු ඇති.

තව කියවන්​න

කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය අංශය අද දහවල් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ පසුගිය දිනවල කච්චතිවු දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්. මිනිස් වාසයකින් තොර කච්චතිවු දූපතේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අනු කණ්ඩායම් ස්ථාපිත කර ඇති අතර නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉදිකර ඇති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය රැකබලා ගැනීම ඔවුන් විසින් සිදුකරනු ලබනවා. මෙම අනු කණ්ඩයේ රාජකාරි සිදුකරන බහුතර නාවිකයින් බෞද්ධාගමිකයින් වන අතර ඔවුන්ගේ වන්දනාමාන සඳහා අනු කණ්ඩයේ භට නිවෙස අසළ කුඩා බුදු පිළිමයක්…

තව කියවන්​න

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සිට ලබන මස 06 වැනිදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ. කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට නියමිත පරිදි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.

තව කියවන්​න

පද රචකයාට, සංගීතඥයාට සමානවම ගායකයාට ද ගීතයේ සම අයිතිය ලබා දීමට අදාලව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන සිය`ඵ පාර්ශවයන් සදහා ලබා දීම පිළිබදව අද දින වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සංගීත වැඩසටහන්වල සැකැස්ම සහ එහි ආකෘතිය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව එම යෝජනාවලට අදාළව ප්‍රමිතියක් සකස් කිරීමට සහ ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා. එමෙන්ම යූ ටියුබ් සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිතව කතෘ හිමිකම සම්බන්ධයෙන් අදාළ ගැට`ඵවලට ද නීතිමය වශයෙන් ප්‍රතිපාදන…

තව කියවන්​න

එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අගහරුවාදා දින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය කළ බවයි. මේ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් මස 04 වන දා පෙරවරු 9.30 ට රැස්වන අතර එතැන් සිට පෙරවරු 10.30 අතර කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා බවටයි වාර්තා වන්නේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා සෙස් බද්ධ සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසිවලට අනුව විවාදයක් ද කැදවීමට නියමිතයි. පසුව පස්වරු 5 හේ සිට පස්වරු…

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේදී ද වෙනස් වී තිබෙනවා. මේ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314.82 ක් ලෙසත් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 332.58 ක් ලෙසත් සටහන් වන බවටයි මහ බැංකුව පවසන්නේ.

තව කියවන්​න

ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල් ඉකුත් වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා අද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඔහු මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි. පොලිසිය එල්ලකළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි යන අය කොළඹ ජාතික රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්වුණා. එම අවස්ථාවේ දී චෝදනා එල්ල වුනේ පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවටයි. ඒ අනුවයි මෙම කදුළු…

තව කියවන්​න