- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ඛනිජ තෙල් සේවකයින් අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අදාළ ආයතන සභාපතිවරයා දැනුවත් කල බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් . ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු තවදුරටත් දැනුම්දී තිබෙනවා . මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එම සේවකයින් ඊයේ පස්වරුවේ සියලු රාජකාරිවලින් ඉවත් වීමටයි කටයුතු කළේ. ඒ අනුව අද දිනයේදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සදහන්…
මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය පසුබිම පළමුව සකස් කර ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මැතිවරණය සදහා පොදුජන පෙරමුණ සුදානම් බව පැවසුවද ඔවුන් නියෝජනය කරනු ලබන ආණ්ඩුව විසින් එය කල්දැමීමට කටයතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා . ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකාච්චාවක අදහස් පල කරමින් . මේ අතර රටට මිතුරු බලවේග නියෝජනය කරන ආණ්ඩුවක් මීලගට නිර්මාණය වනු ඇති බව නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත…
ආනයනික ටයර් මිල සියයට 15 කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය පවසනවා . ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු මෙලෙස ටයර් මිල අඩු කිරීමට හැකි වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ . අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කල හැක්කේ සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් බවද ටයර් ආනයනකරුවෙන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා කියා සිටියා . ඒ පැරණි ටයර් තොග වෙළෙඳුන් සතුව පැවතිම බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ .
ආනයනික බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා. මෙලෙස බෙදාහරිනු ලබන බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා හෙට දිනයේදී රුපියල් 35ක මුදලකට අලෙවි කරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.
මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී සිටි කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙක්සිකෝවේ අමෙරිකානු දේශසීමාවට ආසන්නයේ පිහිටි සීවූඩෑඩ් ජුවාරෙස් හී පිහිටි සංක්‍රමණික කඳවුරක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නෙන් සංක්‍රමණිකයින් 37 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවනවා. කෙසේවෙතත් ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නැහැ .
ග්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද රාත්‍රියේ උදාවනවා. ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ සූර්යා බැසයාමෙන් පසු දැකගත හැකිවනු ඇති බවයි නාසා ආයතනය පවසන්නේ. තවත් වසර 40 කටවත් මෙවැනි සිදුවීමක් දැකබලා ගැනීමට නොහැකි වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 22කට වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර තිබෙනවා. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලද අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ. මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වනවා . ඒ හේතුවෙන් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව ලබාදීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
රාජ්‍ය ආයතන විකුනා දැමීම සදහා දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන් බව ජාතික ජන බලවේගය පවසනවා. එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ රාජ්‍ය ආයතන විකුනා දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මුලය අරමුදලෙහි යෝජනා ක්‍රියාත්මක කරමින් සිටින බවයි . අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා . මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ රාජ්‍ය ආයතන පුත්ගලිකරණය කිරීමට තුලින් ජනතාවගේ සුබසාදනය අහිමි වන බවයි .
කටුනායක ගුවන්තොටුපලේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව දැනට පවතින රුපියල් 25,000ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් යෙදවීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව එවැනි පැමිණිලි භාරගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ද ඇති කිරීමට තීරණය කර තිබෙනවා. ගමන්මළු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් මෙම අක්‍රමිකතාවල නිරතවන බවට ලැබෙන පැමිණිලි මත මෙම පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අතර…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබෙනවා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුයැවීම හේතුවෙන් . එහිදී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇත්තේ තරග මුදලින් සියයට 20ක දඩ මුදලක් . මේ අතර චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් විනිසුරුවරුන් විසින් සිදුකර ඇති එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















