Author: VNews

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 67,900ක් අත්අඩංගුවට ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් භද්‍රානි සේනානායක මහත්මිය සඳහන් කළේ, වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බවයි.

තව කියවන්​න

කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව අද පෙරවරු 6 සිට ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව දැනුම් දී තිබුණා. මේ අතර ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බැවින් අතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ඔවුන්ට තම ඇනවුම් සිදු කර අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. එමෙන්ම සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදු කරමින් පවතින බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත…

තව කියවන්​න

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මධ්‍යස්ත ධජයක් යටතේ ඔලිම්පික් හී ක්‍රීඩා කිරීමට නිර්දේශය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් 2024 පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා මෙම තීරණය බලපාන්නේද නැද්ද යන්න පිළිබද සදහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් හී ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගත්තා. ඒ අනුව 2024 පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මධ්‍යස්ත ධජයක් යටතේ තරග කිරීමට අවසර ලබා දීම පිළිබද 2024 තරගාවලිය ආසන්නයේදී ගන්නා බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

එළැඹෙන 31 වැනිදා සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ජනාධිපතිවරයා සිදු කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබෙවනවා. කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා වන අයදුම්පත් ද සලකා බැලීමද මෙහිදී සිදු කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ චීතගෝන් හීදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 1.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ. දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරගය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරග 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

ග්‍රීසියේ යුදෙව්වන්ට එරෙහිව සිදු කිරීමට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වැලැක්වීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. එහිදී එම ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීම සිදු කර ඇත්තේ පාකිස්තානයේ සිට බවත්, ඒ අනුව මෙහි මහමොළකරු පාකිස්තානයේ සිටින බවට හදුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

රජය විසින් ජනතාවට ලබා දුන් ඉඩම්වලට අදාළව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. මෙහිදී බෙදා හරින ලද ඉඩම් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් හිමිකම් ඔප්පු ලබා දීම ප්‍රමාද වන බව මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා. එහිදී අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටයි.

තව කියවන්​න

දකුණු අප්‍රිකා කණ්ඩයම සමග පැවති තෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හීදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 220ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2ට එකක් ලෙස ජය ගණු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

තව කියවන්​න

තමන් වෙත ලැබී ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා . මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුවයි ඔහුට එම චෝදානා පත්‍රය ලැබී තිබුනේ . තමාට එල්ලවී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඊයේ දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා . මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පෞද්ගලික අංශය සමඟ එක්ව සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ . එම ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදා නොගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා . අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට එක් වෙමින් .

තව කියවන්​න