Author: VNews

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහනය තුළින් ඉදිරි ආර්ථික සංවර්ධනය සදහා වූ යහපත් ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශ විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම සියලු සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සෑම විටම කටයුතු කරන බවද ඔහු පැවසුවා.

තව කියවන්​න

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිළධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු වීම ලබා දී ඇති බව වර්තා වනවා. වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසක් සඳහායි ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ. අදාල හදිසි මාරුව පොලිස්පතිවරයා විසින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාල නියෝගය නිකුත් කර තිබෙනවා. මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුලු ඉහළ නිළධාරින් පිරිසකට එකවර වහාම ක්‍රියාත්මක වන ආකාරයට මාරු විම ලැබු පළමු අවස්ථාව මෙය බව සඳහන්.

තව කියවන්​න

ඉන්ධන මිල සංශෝධනයක් සමග බස් ගාස්තු ද හෙට සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහළ යන බවයි බස් සංගම් පවසන්නේ. සෙසු බස් ගාස්තු මිල සංශෝධනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා බව  විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන වත්මන් ගැටලු විසඳූ පසු ප්‍රශ්න පත්‍ර සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියාස් සිටියේ. පිළිතුරු පත්‍ර ලකුණු කිරීම සඳහා  ගුරුවරුන් 19,000ක් අවශ්‍ය වුවද මේ වන විට අයදුම් කර ඇත්තේ 13,337ක් පමණයි. කෙසේ වෙතත්, දෙමළ භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් සිටින බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා. අයදුම්කරුවන් වැඩි පිරිසක් සහභාගී වූ විෂයයන් ඇගයීම සඳහා ගුරු හිඟය පවතින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

තව කියවන්​න

ඉන්දියාව වෙත පසුගිය වසරේ සිදු කළ බොරතෙල් අලෙවිය විසි ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රුසියාව පවසනවා. රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් සදහන් කර ඇත්තේ යුරෝපානු ගැනුම්කරුවන් වෙනත් වෙළදපොලවල් කරා යොමු වීම හේතුවෙන් ඉන්දියාව වෙත සිදු කෙරෙන බොරතෙල් සැපයුම ඉහළ නැංවූ බවයි. මේ අතර ඉන්දියාවට අමතරව චීනයට ද රුසියාවෙන් සිදු කරන තෙල් සැපයුම ඉහළ ගොස් තිබෙනවා. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් බටහිර සහ යුරෝපානු රටවල් රුසියාවේ තෙල් සදහා සීමා පනවනු ලැබුවා. කෙසේ වෙතත් එම පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් රුසියාව ඉන්දියාව වෙත සිදු කරන තෙල් සැපයුම ඉහළ නැංවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. එමෙන්ම විශේෂ වට්ටම් යටතේ අඩු මිලකට රුසියාව ඉන්දියාව වෙත තෙල් සපයනු…

තව කියවන්​න

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයකු ලෙස සැලකෙන පැලෑන පොඩි නුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිසිය පවසනවා. කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් . එම නිලධාරීන් අහංගම පොලිස් වසමේ කහඳ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සහ මුදලින් රුපියල් 35 000 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බවයි කොක්මාදුව පොලිසිය පවසන්නේ . සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අහංගම පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

තව කියවන්​න

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12 ට සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 340 ක් වනු ඇති. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 80 කින් අඩු කරනු ලැබුවා. ඒ අනුව එහි මිල දැක්වෙන්නේ රුපියල් 325ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්්‍රල් ලිටරයක මිල 375 ක් ලෙස අඩු කෙරෙනු ඇති අතර සුපර් ඩීසල් ලීටරයක මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට 465 ක් දක්වා අඩු වනු ඇති බවත් අමාත්‍යවරයා…

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ අල්ලස් නඩුවෙන් ඔහුව නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් අදාළ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට සජිත් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීන්දු කළේ හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙසටයි. අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.

තව කියවන්​න

වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහායි. එහි සම කැදවුම්කරු මහාචාර්ය සී . ඉලංගසිංහ මහතා සදහන් කළේ දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසදුමක් අපේක්ෂා කරන බවයි. මේ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවද වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවා.

තව කියවන්​න

ඛනිජ තෙල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පොදු ජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසනවා. වැඩ වර්ජනය අසාර්ථක බවට බලධාරින් ප්‍රකාශ කළ ද තම සංගමය එය සාර්ථකව ඉදිරියට ගෙන යන බව ඔහු පැවසුවා. ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට විරෝධය පළ කරමින් කොළොන්නාව තෙල් බෙදාහැරීමේ පර්යන්තයේ සේවකයින් ඊයේ මෙම වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා. මේ අනුව තෙල් බෙදාහැරීමේ කටයුතු ඊයේ පස්වරුවේ සිට ඇණහිට ඇති බවයි වෘත්තිය සමිති පවසන්නේ.

තව කියවන්​න