- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීම වෙනුවෙන් සහය දැක්වීමට ආසියානු සංවර්ධ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබද සාකච්ඡාවට ලක්ව ඇත්තේ. පිලිපිනයේ මැනිලා අගනුවර ආසියානු සංවර්ධන බැංකු මුලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීම සඳහා ඉහළ සහයක් ලබා දීමට මෙහිදි ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබා දෙන ආධාරවලට අමතරවයි මෙම සහය ලබා දීමට නියමිතව ඇත්තේ.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවැනි 20යි 20 තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 17 අවසානයේ කඩුළු තුනක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 202ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලිටන් දාස් පන්දු 41දී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින් වේගවත් ලකුණු 83ක් රැස් කළ. මෙහිදී ලිටන් දාස් සිය අර්ධ ශතකට පන්දු 18දී වාර්ථා කළ අතර, එය බංග්ලාදේශ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය…
ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුවක් හට ගෙන තිබෙන අතර, ඒ අනුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මෙලෙස රෝහල් ගතකිරීමටයි පියවර ගෙන ඇත්තේ. ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සෙ මේ වන විට 86 හැවිරිදිවියේ පසුවනවා. මෙලෙස උන්වහන්සේ රෝහල් ගතකිරීමෙන් පසු සී.ටී ස්කෑන් පරීක්ෂාවක්, හෘද රෝග පරික්ෂාවක්, කෝවිඩි 19 පරික්ෂාවක් මෙන්ම රුධිර පරික්ෂාවක සිදු කර ඇති අතර, එම සියලු පරීක්ෂාකිරීම් වල ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන වැඩිදුරටත් සදහන් වන්නේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඊයේ දින සිදුවු ඉන්ධන මිල සංශෝධනයත් සමගයි මෙලෙස බස් ගාස්තු සංශෝධනය සිදුකෙරෙන්නේ. ඒ අනුව බස් ගාස්තු සියයට 12.9කින් අඩු කිරීමටයි ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. නව බස් ගාස්තු සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රැපියල් 30ක් දක්වා අඩු වනු ඇති. ජාතික ගමනාගමන මණ්ඩලය විසින් නව බස් ගාස්තු සංශෝධනයට අදාළ නිවේදනය ඊයේ නිකුත් කළා. මේ ඒ පිළිබද කරැණු පැහැදිලි කළ වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා. කෙසේවෙතත් නව බස් ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි…
පළාත් පාලන මැතිවරණයට අදාළව ගොණු කර ඇති පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය , බුවනෙක අලුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදියි. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිවයි අදාළ පෙත්සම් ගොණුකර ඇත්තේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව 2023 අයවැය මගින් වෙන්කළ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීමයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහි චෝදනාව වන්නේ. අදාළ නියෝගය ක්‍රියාත්කමක නොකිරීම තුළින් ඔහු අධිකරණයට අපහස කර ඇති බව අදාළ පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා. සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද සිට මිලදී ගැනීමට හැකියාව පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. බේකරි නිෂ්පාදන සදහායි මෙලෙස ඉන්දිය බිත්තර අලෙවි කෙරෙන්නේ. ඒ අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවලින් එම බිත්තර මිලදී ගත හැකිවනවා. ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් බේකරි නිෂ්පාදන සදහා රුපියල් 40ක මිලකට අලෙවි කෙරෙනු ඇති. ඉන්දීය බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිව තිබුණා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට දින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි. ඒ පළාත් පාලන ඡන්ද විමසිම පැවැත්වීම සදහා 2023 වසරේ අයවැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රදවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහස කළේ යැයි චෝදනා කොට ගොනු කර ඇති පෙත්සම් දෙකක් පිළිබඳවයි. ඒ අනුව අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවීමට නියමිතව තිබෙනවා. අදාළ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
නදුන් චින්තක හෙවත් හරක් කටා යන පුද්ගලයන් සහ සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අදාළ සැකකරුවන් දෙදෙනා රඳවා සිටින ස්ථානයෙන් පිටත රැගෙන යන්නේ නම් නිසි ආරක්ෂිත විධිවිදාන අනුගමනය කරන ලෙසටයි. මෙම පුද්ගලයින් දෙදෙනා බොහෝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකරුවන් දෙදෙනෙකු වනවා. මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය සිදු කරනු ලැබුවේ සැකකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතු`ඵ නීතිඥ මඩුල්ලක් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් අනුවයි.
විදෙස්ගත ශ්‍රමිකයින් හට ඉලෙක්ට්‍රොනික වාහන ආනයන බලපත්‍ර සදහා ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ අදාළ ආයතන බලපත්‍ර ලබන අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බවයි. පසුගිය වසරේ මැයි මස සිට දෙසැම්බර් 31 වන දා දක්වා මෙලෙස විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබා දීමටයි රජය කටයුතු කරනු ලැබුවේ. මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළ කළ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.
කෘතිම බුද්ධීන් භාවිතය හේතුවෙන් ලොව පුරා රැකියා මිලියන 300 ක් පමණ අහිමිවීමේ අවධානමක් මතුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඇමෙරිකාවේ හා යුරෝපයේ සමස්ත රැකියා සංඛ්‍යාවෙන් 1/4 ක් පමණ ඒ අනුව කප්පාදුවට ලක්වනු ඇති. මේ වන විටත් ලොව පුරා සමාගම් රැසක් කෘතිම බුද්ධින් යොදාගනිමින් වැඩකටයුතු කිරීම ආරම්භ කර ඇති අතර ඒ හරහා දහස් ගණනකට තම රැකියා අහිමි වී තිබෙනවා. මිනිසුන් යොදාගනිමින් සිදු කරන කටයුතු රැසක් කෘතිම බුද්ධි යොදාගනිමින් සිදු කිරීමේ හැකියාවත් සමගයි මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ. එමෙන්ම ලොව රටවල් රැසක් කෘතිම බුද්ධීන් වැඩිදියුණු කිරීම සදහා ආයෝජනය කිරීම ද ආරම්භ කර තිබෙනවා. කෙසේ වුවද කෘතීම බුද්ධිය යොදාගැනීම සදහා රැකියාවේ තත්ත්වය හෑල්ලුවට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















