- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
කුමන තත්ත්වයක් මත වුවද නියමිත කාලය තුළදී මැතිවරණය නොපැවැත්වීම ඉතාමත් කණගාටුදායක බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන වනිදු හසරංග නවතම අයි සී සී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් පසුබැස තිබෙනවා. අයි සී සී යේ නවතම ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන වීමට පෙර වනිදු හසරංග එහි පෙරමුණ ගෙන තිබුනේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන ස්ථානයට පත් කරමින්. කෙසේ වෙතත් මෙම දිනවල පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේදී රෂීඩ් ඛාන් දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙන් ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත්තේ වනිදු හසරංග දෙවන ස්ථානයට ඇද දමමින්.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට සිය සමාගම ද එකඟ වූ බව ලංකා අයි ඕ සී සමාගම පවසනවා. මේ අතර අද දින මධ්‍යම රාත්‍රියේ සිට සිදු කරන ඉන්ධන මිලේ සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙළිමත් සමග බස් රථ ගාස්තුන් කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත හෙලන අතර මාර්තු 30 වන දින සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති. ඉන්ධන මිල සංශෝධනයට සමගාමිව අනෙකුත් බස් ගාස්තුවල සිදු…
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් කිරීම පිලිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබෙනවා. විපක්ෂය නියෝජනය කරන පිරිස ඒකාබද්ධ වී කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවයි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. විපක්ෂය නියෝජනය කරන පිරිස් එකතු වීම දූෂිතයන් එක් වේදිකාවකට එක්වීමක් ලෙසයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වන්නේ. තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් පවතින බැවින් එම ආයතන අකර්මන්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා. මෙලෙස ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කෙරුනේ 2008 වසරේ කොළඹ, හෝටන් වටරවුම ප්‍රදේශයේදී මගී බස් රථයක බෝම්බයක් තබා පුපුරුවා හැර, මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නාගලිංගම් මදනසේකරන් නමැත්තාටයි. එම චෝදනාවටම වරදකරු කෙරුණු මේ වනවිට අධිකරණය මඟහැර සිටින තවත් විත්තිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විවෘත වරෙන්තු ද නිකුත් කරනු ලැබුවා.
ඉන්ධන මිල පහල දැමීමට සමගාමිව ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කලේ අද මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි. දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඒ මහතා සඳහන් කළා. හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා අඩු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 30 කින් වහාම අඩු කළ යුතු බවයි එම සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කලේ ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු පහත දමන බවත් අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩු වනු ඇති බවයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසදීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. ඔහු සදහන් කළේ රටේ මූල්‍ය තත්වය යහපත් වීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සදහා ද පියවරෙන් පියවර විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය නගාසිටුවීම සදහා පොලි අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබද ක්‍රියාකාරි කමිටුව රැස් වූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සදහා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතයි. දේහයට ගෞරව දැක්වීම සදහා හෙට පෙරවරු 9 යේ සිට පෙරවරු 10 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 4 වන දා ජා ඇල දී සිදු කිරීමට නියමිතයි. ඔහු 17 වන කාතා නායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
රුපියලේ අගය ඉහළ යාම නිසා නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රුපියල් 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා. පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝවක් සදහා ලෝක වෙළදපොලෙන් රුපියල් 1250 ක මිලක් ලැබුණු බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් මේ වන විට එය රුපියල් 1050 දක්වා පහළ බැස තිබෙනවා. ඩොලරයේ අගය තවදුරටත් පහළ ගියහොත් තේ මිල ද පහල බසින බවත්, ඒ අනුව තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවත් වතු අධිකාරිවරුන් කියා සිටියා. එමෙන්ම විදුලිබිල ඉහළ යාම හේතුවෙන් තේ කිලෝවක් නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු ඇති බැවින් තේ කිලෝවක් සදහා ලැබෙන මුදල අඩු වීම හමුවේ කර්මාන්තය දැඩි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















