Author: VNews

පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වුවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු සිටින බව ද වාර්තා වනවා. බී බී සී පුවත් සේවය පැවසුවේ යාත්‍රාවේ සිටි මගීන් 230ක් දිවිබේරා ගෙන ඇති බවයි. යාත්‍රාවේ වායුසමනය කරන ලද මැදිරියක් තුළයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නෙන් පීඩාවට පත්වුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන බවයි පිලිපීන වෙරලාරක්ෂක බලකාය සඳහන් කළේ.

තව කියවන්​න

ලෝක වෙළෙදපොළ තුළ කෝපි සදහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි වැවිලි කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන මහතා පවසනවා. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගෝමර වතුයායේ නවීකරණය කරන ලද තේ කම්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම තේ කම්හල වසර 12ක් පමණ වසා දමා තිබු අතර එය නවීකරණය සදහා රජය රුපියල් මිලියන 80ක් වැයකර තිබෙනවා.

තව කියවන්​න

හැටන්ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් රත්නපුර සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මැණික් ගැරීමට යොදා ගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් අද හැටන් මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

බේරුවලට ආසන්න මුහුදේ භූ චලනයක් හටගෙන තිබෙනවා. අද පස්වරු 1 ට පමණ හටගෙන තිබු මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ එකක 3.7ක් ලෙස සටහන් වුණා. සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ බේරුවල , කළුතර සහ කොළඹ ප්‍රදේශවලට මෙම භූ කම්පන තත්ත්වය දැනී ඇති බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයේ කිසිදු බලපෑමක් නොමැති බවයි සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සදහන් කළේ.

තව කියවන්​න

අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සදහා මැයි මස 22 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. එම පෙත්සම් අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදි නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ලේඛන ගොනු කිරීම සදහා කල් ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කළා. එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා මැයි මැස 22 වනදා කැදවීමට ද දින නියම කර තිබෙනවා. අදාළ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සමගි ජනබලවේගයේ මහ ලේකම්…

තව කියවන්​න

තිරසර සංවර්ධනය සඳහා වූ 10 වැනි ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට හිමිව තිබෙනවා. මේ දිනවල තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම සමුළුවේ දී 2030 වර්ෂය සඳහා වන තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් විසින් සිදු කරන ස්වේච්ඡා ජාතික සමාලෝචනයන් ඉදිරිපත් කරන අතර එහි දී රෑරාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම හුදෙක්ම රට රටවල් එකිනෙකාගේ පැවැත්ම කෙරෙහි දක්වන සංවේදීතාවය පෙන්නුම් කරන්නක් බවයි. මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගෝලීය අර්බුදයක් හමුවේ මෙම ඉලක්ක වෙත ළඟා වීම යම් මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුව ද ජාතික වැඩසටහන්…

තව කියවන්​න

ඉන්ධන මිල අඩු වීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසනවා. ඔහු කියා සිටියේ ප්‍රතිශතයක් ලෙස මිල අඩු කිරීම අපහසු බැවින් සියලු දෙනා සමග සාකච්ඡා කොට මිල ගණන් තීරණය කළ යුතු බවයි. මේ අතර ඉන්ධන මිල අඩු වීමේ වාසිය බස් ගාස්තුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රවලින් ද ජනතාවට ලබා දිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා. කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු වුවද දුම්රිය ගාස්තු මේ මොහොතේ පහළ දැමීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය…

තව කියවන්​න

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර විසා නිකුත් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ඉන්දීය වීසා ආයතනයේ අනු ශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවතේ පිහිටා ඇති බව සදහන් කරමින් අදාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය පවසන්නේ. ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කාලයක සිට විසා නිකුත් කිරීම සදහා මෙලෙස මුදල් ලබා ගෙන ඇත්තේ වයස අවුරුදු 29 යේ පසු වන පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අන් අයෙකු ලෙස පෙනී සිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපල පනත යටතේ සිදු කර ඇති වැරදි හා පරිඝනක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව…

තව කියවන්​න

මෙරට රත්තරන් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇති බව වෙළදපොල දත්ත වාර්තා පවසනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළදපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ හැට තුන්දහස් අටසීයයක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. ඊයේ දින එහි මිල දැක්වූයේ රුපියල් එක් ලක්ෂ හැට එක් දහසක් ලෙසටයි. මේ අතර ඊයේ දින එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් එක් ලක්ෂ හැත්තෑ අටදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළදපොල ආරංචි මාර්ග පවසනවා.

තව කියවන්​න

රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් ලිපිය අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කරන බව වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව බදු ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ලබන 03 වන දා සිට යලි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එම සමිති එකමුතුව පවසනවා. වෛද්‍ය, විශ්ව විද්‍යාල, බැංකු, ඉංජිනේරු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති නියෝජිතයින් මෙයට එක්ව සිටින අතර ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දෙනා සමග එක්ව අද දිනයේදී සාකච්ඡා කරන බවයි වෘත්තිය සමිති එකමුතුවේ සාමාජිකයින් ප්‍රකාශ කළේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා.

තව කියවන්​න