- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් ලෙස කිසිවිටෙකත් වෙන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් පවත්වනු ලැබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන් ඔබ්බට යන මැයෙන් ආර්ථික සංවාදයේ දේශනයට එක්වෙමින්. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනෙන් ඔබ්බට ගොස් මීළඟ පරම්පරාව සදහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බවටත් ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තේරී පත්ව තිබෙනවා. මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයක්. බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබුවා. ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා හට මෙම සම්මානය ලැබීමට නියමිතයි. ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය…
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව තම සේවා ගාස්තු ද සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් තමන්ට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන්නේ නම් සේවා ගාස්තු තවදුරටත් පහළ දැමිය හැකි බවටයි පවසන්නේ. සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කියා සිටියේ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පවතින මිල ගණන් සදහා ද සහනයක් රජය විසින් ලබා දිය යුතු බවයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවද ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියා. එමෙන්ම බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය මෙරට ජනතාවට නිසි ලෙස ලැබී නැතැයි නිදහස් ජනතා සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ තෙල් මිල හරි අඩකින් අඩු කළ යුතුව තිබු බවයි.
වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ගෙන ඇති එම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20 කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පියවර ගනු ලැබුවා. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ…
විදේශ ගතව, සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමිණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, තම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස් ගතවූ කාන්තාවන්ට එම තීරණය බලපැවැත්වෙන බවයි. ඒ අනුව එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක කරන බවයි එම කාර්යාංශය සඳහන් කලේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර තිබෙනවා. එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම්…
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුර කෝවිලක වහලක් කඩා වැටීමෙන් 30 දෙදෙනෙකු එහි ළිඳක් තුළ සිරවී තිබෙනවා. ඉන් ළමුන් දෙදෙනෙකු ඇතුළු 9 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. තවත් 25 දෙනෙකු පමණ ළිඳ තුළ තවමත් සිරවී සිටින බව සඳහන්. රාම් නවම් උත්සවය වෙනුවෙන් මෙහි පෙරහරක් ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
වැඩ තහනමට ලක්ව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු නැවත සේවයේ පිහිටුවා ඇති බවයි. ත්‍රස්ත විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා නාලක ද සිල්වා මහතා වැඩ තහනමට ලක් ලක් වුනා.
අමෙරිකාවට අයත් හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. කෙන්ටකි ප්‍රාන්තයේ ටිග් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී QR කේතයක් හදුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව නව QR කේතය මගින් ගොවීන්ට පොහොර ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා. ගොවි ජනතාව වෙනුවෙන් මේ වසර තුළ පොහොරවලට අමතරව සහන ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















