- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01යි එක ආර් කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුල් කර තිබෙනවා. මාතර දෙස සිට කඩවතට දෙසට ධාවනය වූ ලොරි රථයක ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙම අනතුරින් 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක්, 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙක් මෙන්ම 25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දීම පිළිබද තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබෙනවා. ඒ අනුව හෙට රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ සම්බන්ධයෙන් සලකා බලනු ඇති. සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය පසුගිය 25 වනදා අවසන් වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාළව නාමයෝජනා කිසිවක් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවට යොමුවී නොමැති බවයි වාර්තා වන්නේ.
නීල් චිත්‍රපට නිළියකට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා. 2016 ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥයෙකු නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියල්ස් වෙත කරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් දැනට වසර කිහිපයක් තිස්සේ පරීක්ෂණ සිදු වුණා. ඉන් අනතුරුව නිව්යෝර්ක්හි මෑන් හැටන්හි අධිකරණයක් මගින් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. කෙසේ වෙතත් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටින අතර ඔහු පවසන්නේ තමාට එරෙහිව ඇති මෙම චෝදනා දේශපාලන අරමුණින් සිදුකළ ඒවා බවයි. ඇමෙරිකා ඉතිහාසයේ මෙවන් චෝදනාවකට ලක් වූ පළමු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීමට වෙනත් විකල්පයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ පැවති සමුළුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට නවසීලන්තයේ හැමිල්ටන් හීදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 27 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 113 ක් ලබා ගත්තා. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය ජයගත අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව නවසීලන්තය මේ වන විට තරගාවලියේ තරග 1ට බිංදුවක් වශයෙන් ඉදිරියෙන් පසුවනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට අනුව පුද්ගලයින් රඳවා තබා ගතහැකිවන්නේ අධිකරණයේ පුර්ණ අධික්ෂණය යටතේ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නව පනත මගින් අධිකරණයේ තීන්දුවලට සියල්ල යටත්වන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේ කෙසේවෙතත් මෙම නව පනත පිළිබද යම් පුද්ගලයෙකු සෑහිමකට පත් නොවන්නේ නම් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමට හැකියාව ඇති බව ද විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළා. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එළැඹෙන 04වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එමෙන්ම නව දූෂණ විරෝධී පනත එළැඹෙන මැයි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධිකරණය ඇමතිවරා සදහන් කළා.
පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාම අසීරු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය ආයතන ප්‍රතිවෘ්‍යුහගත කිරීම වැඩපිළිවෙල යටතේ නව වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදුවනු ඇති බවයි ඔහු සදහන් කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසුව තත්ත්වය පිළිබද කොළඹදී පැවැති සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරටට හිමිවීම පිළිබද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ මුල්‍ය අරමුදලේ ණය පහසුකම මත ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛදනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි. අදායම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති මගින් තවදුරටත් ආර්ථික හා සමාජ අයිතීන් ඛදනය නොවන බවට ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවයි හියුමන් රයිට් වොච් සංවිධානය සදහන් කළේ. එමෙන්ම දුෂණ විරෝධි ප්‍රතිසංස්කරණ මගින් වගවීම ලබා දෙන බවට රජය ජනතාවට සහතිකයක් ලබා දිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
ඉදිරියේදී එළවළු මිල ගණන් සැලකියයුතු ලෙස පහළ යනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිබෝගික ජනතාවට ද ලැබෙනු ඇති බවයි. එළවළු ප්‍රවාහන වියදම අඩුවීමත් සමග එහි වාසිය සිය පාරිභෝගිකයින්ට ලබාදිය හැකි බවයි අරුණ ශාන්ත මහතා සඳහන් කළේ.
ඉන්ධන ප්‍රවාහන කටයුතු මේ වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ දිවයිනේ කිසිදු ඉන්ධන පිරවුම්හලක මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බවයි. ඇතැම් ප්‍රදේශවල පැවති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් හිගයද අද දිනය තුළ මගහැරී යනු ඇති බවයි කපිල නාඔටුන්න මහතා සදහන් කළේ. ඛණිජ තෙල් සේවකයින් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්ධන ප්‍රවාහනයට බාධා මතුව තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















