Author: VNews

චිලි රාජ්‍යයේ කුරුලු උණ ආසාදනය වූ රෝගියෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කළ මෙම පුද්ගලයාට සිදු කළ පරීක්ෂණවලදී කුරුලු උණ ආසාදනය වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. චිලි රාජ්‍යය තුළ කුරුලු උණ ආසාදනය වූ රෝගීන් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ මගින් විමර්ශනයක් සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සදහන් වනවා.

තව කියවන්​න

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු බලංගොඩ ප්‍රදේශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබා දීම සදහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වීමෙන් පසු මෙම පහර දීම පසුගිය පෙබරවාරි 15 වෙනි දා සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ඊයේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය…

තව කියවන්​න

වසයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දුනීසියාවෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සංගමය තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි හී ආණ්ඩුකාරවයා විසින් ඊශ්‍රායල කණ්ඩායමට සත්කාරකත්වය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සංගමය මෙම තීරණය ගත් බවයි ඉන්දුනීසියා පාපන්දු සංගමය සදහන් කරන්නේ. වසයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන මැයි 20 වැනිදා සිට ජූනි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

මාතර, මිදිගම, බැබිල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති අතර, පසුව වෙඩි වැදුනු පුද්ගලයා මාතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ පදිංචි අවන්හල් හිමිකරුවෙක් බව අනාවරණය වී තිබෙනවා. මේ අතර මෙම වෙඩි තැබීම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ අනුගාමිකයින් විසින් සිදු කර ඇති බවද සදහන් වනවා. සිද්දිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

වසර 70ට පසු ඉන්දියාවේ චීටා පැටවුන්ගේ උපතක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. මීට වසර 70ට පෙර ඉන්දියාව තුළ චීටාවන් සම්පූර්ණයෙන් වඳවී ගිය බවට ප්‍රකාශ කර තිබූ බවයි එම වාර්තා වල සදහන් වන්නේ. ඒ අනුව මෙලෙස චීටා පැටවුන් සිව්දෙනෙකු උපත ලබා ඇති අතර, එම පැටවුන් මේ වන විට නීරෝගී තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

තව කියවන්​න

නීති විරෝධීය මෙරටට ගෙන්ව ලද දුම්වැටි 43,000ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීම ගෙන්වන ලද දුම්වැටි 220ක් සමග පළමු පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. ඔහුගෙන් සිදු කළ විමසීම් වලදී පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දී දුම්වැටි 620ක් සමග දෙවැනි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරු දෙවැනි සැකකරුගෙන් ලද තොරතුරු අනුව වේල්ලවීදිය ප්‍රදේශයේදී තෙවැනි පුද්ගලයා දුම්වැටි 42,200ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 57ත් අතර වයස් වල පසුවන නානුඔය, පෑලියගොඩ සහ කොළඹ 12 යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න

2019 අප්‍රේල් 26 වැනිදා සායින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇති බවයි. ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂාවේ දීයි. පොලීසිය නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ, පුලස්තිනී මහේන්ද්‍රන්ගේ මවගෙන් ලබාගන්නා ඩී.එන්.ඒ සාම්පල සමග බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානයේදී සොයාගන්නා ලද අස්ථි කොටස්වල ඩී.එන්.ඒ සාම්පල මවක සහ දරුවෙකු අතර…

තව කියවන්​න

ඉන්ධන මිල පහළ යන අවස්ථාවේදී මෙන්ම ඉහළ යන අවස්ථාවේදී ජනතාවට සහනයක් ලබා දීම සදහා මිල ස්ථායීකරණ අරමුදල් පිහිටුවන ලෙස රජයට දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරි ආයතනය විසිනුයි මෙය සංවිධාන කර ඇත්තේ. ආර්ථික සංවාදය අයි.එම්.එෆ් සහ ඉන් ඔබ්බට යන්න එහි තේමාවයි. කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධානය යොමු කරනු ඇති. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසුව වෘත්තිය ආයතනයක් විසින් පවත්වන පළමු සාකච්ඡා මණ්ඩපය මෙවනවා.

තව කියවන්​න

අභවප්‍රාප්ත හිටපු කතානායකවරයෙකු වු ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තුව ඉදිරිපස විශේෂ ශාලාවේ පෙරවරු 09.00 සිට පෙරවරු 10.00 දක්වා තැම්පත්කර තැබෙනු ඇති. ජෝෂප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17වන කතානායකරයායි. 2001 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඔහු කතානායක ධුරයේ කටයුතු කර තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද ජෝසප් මයිකල් පෙරේරා මහතා කටයුතු කළා. එමෙන්ම විවිධ රජයක් යටතේ කම්කරු සහ ධීවර හා ජලජ සම්පත් කැබිනට් අමාත්‍යධුරද ඔහු විසින් හොබවා තිබෙනවා.

තව කියවන්​න