Author: VNews

දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව , මධ්‍යම , දකුණ , සබරගමුව , බස්නාහිර , වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි අපේක්ෂා කරෙනු ඇති. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. ඒ සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ සනත් නන්දසිරි මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණා.

තව කියවන්​න

පැල්මඩුල්ල , බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඇයගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා. මෙලෙස මියගොස් සිටි 40 හැවිරිදි නීතිඥවරියේ සිරුර නිදන කාමරයේ අදමත තිබි ඊයේ සොයාගෙන තිබුණා. මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

සම්මානනීය ජ්‍යෙෂ්ට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන කලංසුරිය මහතා සිනමා වංශ කතාවේ පෙම්වතාගේ භූමිකාවට නව ආරක් එක්කළා. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවු අමරසිරි කලංසුරිය මහතා ඉමහත් රසික ආදරයට පත්වුණා. චිත්‍රපට රැසකට විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් කලංසුරිය මහතා ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා සහ බඹරු ඇවිත් යන චිත්‍රපට කලංසුරිය මහතා රංගනයෙන් දායක විශිෂ්ට නිර්මාන අතරින් කිහිපයක් වනවා. ඒ අතරින්…

තව කියවන්​න

චීනය විසින් පකිස්ථානයට ඩොලර් බිලියන 02ක ණය මුදලක් ලබා දී තිබෙනවා. පකිස්ථාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් විසින් ඒ පිළිබද එරට පාර්ලිමේන්තුව දැනුවත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාකිස්ථානය මේ වන විට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ලක්ව තිබෙනවා. එරට විදේශ සංචිත ප්‍රමාණය ඉතිරිව ඇත්තේ සති හතරක කාලයක් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා පමණක් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ජයග්‍රහණය හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අයි පී එල් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගනිමින්. අහමාබාත්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ටයිටන්ස් ක්‍රීඩකයින්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් ලබා තරගය ජය ගත්තා.

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. කතානායක නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීම අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇති. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දීමට අදාළ යෝජනාව පසුගියදා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණා. ඒ සදහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ද අද රැස්වන ව්‍යවස්ථායක සභාව අවධානය යොමු කරනු ඇති.

තව කියවන්​න

දෙහිවල ගුවන් පාලම මත සිදුවු රිය අනතුරකින් මෝටර් රථ සහ ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති බවයි. අදාළ මෝටර් රථය සහ ත්‍රිරෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. ඉන් පසුව ගින්න හටගෙන තිබු අතර දෙහිවල – ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක හෝටල් හිමියන් මුහුණ දී පෑමට සිදුව ඇති ගැටළු පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ගාල්ල , කොක්ගල සහ අහංගම ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් කිහිපයක ඊයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී හෝටල් හිමියන් සමග සුහද සාකච්ඡාවකට එක්වු රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම නිරීක්ෂණ චාරිකාව තුළදී මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිහිපදෙනෙකු සමග ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත වුණා.

තව කියවන්​න

අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරීන් ලෙස සැලකෙන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලි යන දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස ආසන්නයේදීයි ඔවුන් දෙදෙනාව අත්අඩංගු ගෙන තිබුණේ. අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ලෙසයි අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලි සැලකෙන්නේ. අරගලය ආරම්භ කර වසරක් සපීරීම නිමිත්තෙන් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊයේ මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා. එහිදී විරෝධතාවට එක්ව සිටි අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තතත්ත්වයක් ද හටගත්තා. පොලිස් නිලධාරීන් 1500ක් පමණ මිරිහාන සහ ඒ අවට පොලිස් රාජකාරී සදහා යොදවා සිටි අතර තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් 3000ක් ද එම ප්‍රදේශයේ…

තව කියවන්​න