Author: VNews

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් ඇතුළු වු වෘත්තිය සමිති නායකයින් පිළිබද විමර්ශනයක් සිදුකරන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි. ඉන්ධන ගබඩාකරන හා බෙදාහරින සියලු කලාපවලට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තය තුළ යලි අනාරක්ෂිත තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන ලෙසයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

බස් ගාස්තු සංශෝධනයත් සමග නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව නව ගාස්තු අය නොකරන බස්රථ පිළිබද 1955 ක්ෂණික ඇතුම් අංකයට පැමිණිලි කරන ලෙසයි ගමනාගමන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ. ඉන්ධන මිල අඩුවීමත් සමග සිදුකරන ලද බස් ගාස්තු සංශෝධනය සියලු මගී ප්‍රවාහන බස් රථ තුළ ප්‍රදර්ශනය කළ යුතුවනවා. ඒ පිළිබද සොයා බැලීම සදහා ජංගම පරීක්ෂක නිලධාරීන් යොදවා ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළා.

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය පිළිබද සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කමිටුව කටයුතු කරන ආකාරය පිළිබද යෝජනාවක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති. ඒ අනුව එම කමිටුව සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා , මහා භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු විද්වතුන් පිරිසක් මෙම කමිටුවට ඇතුලත්වනවා. අදාළ කමිටුව මගින් අයි.එම්.එෆ් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති සහ වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු වැඩි ඛිරීම පිළිබද සොයා බැලිය යුතුවනවා. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම පිළිබද…

තව කියවන්​න

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ පසුගිය මාසයට සාපේක්ෂව ඉහළගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ පසුගිය මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 407ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. පෙබරවාරි මාසව තුළ පුද්ගලයින් 23 974 දෙනෙකු විදෙස් රැකියා සදහා පිටත්වගොස් ඇති බව ද මහ බැංකුව සදහන් කළා. එමෙන්ම පසුගිය මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ අදායමද ඩොලර් මිලියන170 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තව කියවන්​න

මේ දිනවල පවති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය පිළිබද අවදානයෙන් පසුවන්නැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙනවා. එහි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය කියා සිටියේ මේ දිනවල වැඩි වශයෙන් ජලය පානය කිරීම ඉතා වැදගත් බවයි. පාසල් වයසේ පසුවන දරුවකුනම් නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ. දරුවකුගේ උස පිළිබද මවිපියන් වර්තමානයේදී වඩා සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අද සිදු කෙරුනා. මෙම චෝදනා කියවාදීම සිදුවුයේ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දියි. මෙම චෝදනා කියවාදීම සිදු කළ අවස්ථාවේ දී බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනා. නඩුවේ අන්තර්ගත චෝදනා 23,270 අතුරින් චෝදනා 13 ක් අද දින විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබූ අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බවයි විත්තිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ. ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවා දීම…

තව කියවන්​න

අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේදී සැමරුම් උත්සවයක් පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබෙනවා. ඒ හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දහසකින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක් ද පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර හෝටල් සඳහා අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රුපියල් 46 ක් වැනි මුදලක් වැය කර දේශීය බිත්තර හෝටල් සඳහා ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විට සැලසුම් කර ඇති බවයි. ආනයනික බිත්තර හේතුවෙන් මෙරට බේකරි කර්මාන්තයේ අවසානය උදාවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බවයි. මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන්…

තව කියවන්​න

මෙරට සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයකු ක්‍රියාශීලී නොවන බවට හඳුනාගෙන තිබෙනවා. බෝ නොවන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරින් බාලසිංහම් මහත්මිය ප්‍රකාශ කළේ ලැප්ටොප් පරිගණක භාවිතය, රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහිවීම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි. මේ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වැළඳීමේ අවදානම ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

තව කියවන්​න

සේවයේ නියුතු වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණ මාසිකව රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එමෙන්ම වෛද්‍යවරුන් 600 ත් 700 ත් අතර ප්‍රමාණයක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව මේ වන විට වසා දමා තිබෙනවා. රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනාම රැකියා සඳහා විදෙස් ගත වීම මීට හේතුව වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් සියලු වගකීම රජය විසින් භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය…

තව කියවන්​න