- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
2023 වසරේ අලුත් සහල් මංගල්‍යය අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සවය සදහා සම්බන්ධ සාම්ප්‍රදායික වතාවත් ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
පුද්ගලික ජෙට් යානා භාවිතය සඳහා මුදල් නාස්ති කරන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් පසුගිය වසරේ සතියක කාලයක් තුළ යුරෝ ලක්ෂ 5කට වැඩි මුදලක් වැය කළ බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරනවා. ඉන්දුනීසියාවට ලැට්වියාවට සහ එස්තෝනියාවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිදුකළ සංචාරවලදී මුදල් නාස්ති වූ බවයි ගාඩියන් පුවත්පත පවසන්නේ. කෙසේ වෙතත් මේ සංචාර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අමාත්‍ය සංග්‍රහය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා . එම අමාත්‍යාංශය සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවයි . ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික යි .
පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කරච්චි නගරයේ පිහිටි ආහාර බෙදා දීමේ මධ්‍යස්ථානයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. තිරිගු පිටි නොමිලේ බෙදා දෙමින් සිටින අතරවාරයේ දී ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා සිදුවූ තෙරපීමකින් මෙම පිරිස මිය ගොස් තිබෙන බව සදහන්. මියගිය වැඩි පිරිස අතර කාන්තාවන් වන බවයි වාර්තා වන්නේ. අධික උද්දමනය නිසා ආර්ථික අර්බුදයකට ලක්ව සිටින පාකිස්ථාන ජනතාවට විවිධ සංවිධාන හරහා නොමිලේ ආහාර බෙදාදීම් සිදුවනවා. මේ හේතුවෙන් තරගකාරීත්වය නිසා අධික තෙරපුම් ඇතිව මෙවන් අනතුරු සිදුවන බව අනුමාන කෙරෙනවා. පසුගිය මාසය පුරා මෙවැනි තෙරපීම්වලින් මියගිය සංඛ්‍යාව මේ අනුව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ…
අන්තර්ජාල මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම පිරිස අදාළ සංචාරක නිකේතනයේ මාස කිහිපයක සිට රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙහිදී ඔවුන් සන්තකයේ තිබී පරිගණක, ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හා මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා . තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. විවිධ රටවල වෙසෙන පුද්ගලයන්ගේ ගිණුම්වලින් මෙම පිරිස වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර…
ලෝක බැංකුවේ සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය මාර්තු 29 වැනිදායින් අවසන් වුණා. කෙසේවෙතත් ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා වන්නේ ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානුවකු වන අජේ බංගා බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ. ඒ අනුව අජේ බංගා එම තනතුර සඳහා නම් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ද ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා. පෙබරවාරියේ, ඔහුගේ නම එම තනතුර සඳහා නම් කරනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින්. අජේ බංගා ලෝක බැංකුව මෙහෙයවීමට සුදුසුතම පුද්ගලයෙකු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා. ලෝක බැංකුවේ වත්මන් සභාපති ඩේවිඩ් මල්පාස් ලබන ජූනි මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය…
පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සදහන්. බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද දවහල් මෙම අනතුර සිදුවී තිබේනවා. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවය.
ආණ්ඩු පක්ෂයට මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති වුවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීම සඳහා වැය කිරීමට මුදල් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දෙහිවල පවතී ජන හමුවකදී විපක්ෂ නායකවරයා සඳහන් කලේ කොතරම් මුදල් ලබා දුන්නද සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයකු ආණ්ඩු පක්ෂය හා එක නෙවන බවයි. මේ අතර පර්ලිම්නේතු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ තමන කිසිදු විටෙක සමගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට එක නොවෙන බවයි .
පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0යි දශම 3ක වර්ධනයක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 169ක්. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බි්‍රතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයෙන්. මේ සමබන්ධයෙන් අදහස් පල කල සංචාරක සංවර්ධන අධිකාරියේ සබාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා .
ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් සේවකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට එක්ව තිබෙනවා. වෘත්තීය සමිති නායකයින් හා මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම පිහිටි නිල නිවසේදීයි. පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති වූ වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ වෘත්තීය සමිති නායකයින් හා සේවකයන් විසිදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණා. මේ අතර අනිවාර්ය නිවාඩු යවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ ව්ත්තිය සමිති නියෝජිතයින නැවත සේවයේ පිහිටුවීම සඳහා අවස්තාවක් ඇද්දැයි සලකා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















