Author: VNews

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේම මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා . ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා .

තව කියවන්​න

2023 අලුත් සහල් මංගල්‍යයේ සම්ප්‍රදායික වතාවත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසින් අද ආරම්භ වුණා. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩදී සමාරම්භක කිරි ආහාර පූජාව සිදු කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්. මහ කන්නයේ අස්වැන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජාා කිරීමේ, අලුත් සහල් මංගල්‍යය හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබනවා.

තව කියවන්​න

ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් එන් වී කිව් සහතිකය අද දින සිට අනිවාර්ය කර තිබෙනවා . විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මේ බව දැනුම් දී තිබෙනවා. එම කර්යනාශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, දින 28ක නේවාසික පුහුණුවක් ද මෙයට ඇතුළත් බවයි.

තව කියවන්​න

එළඹෙන උත්සව සමයේදී නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද සිට අවසර හිමිවනවා . ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කළේ උත්සවය සමයේ තාවකාලික දින පදනමක් මත මෙම අවසරය ලබාදෙන බවයි . ඒ අනුව අද සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමි වනවා .

තව කියවන්​න

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එම බිත්තර තොගයට ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි. එම බිත්තර තොගය ද අනුමැතිය ලැබීමෙන් පසු බේකරි නිෂ්පාදන හා හෝටල් සඳහා නිකුත් කිරීමට නියමිතව ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පැවසුවා. එම සංස්ථාව සඳහන් කළේ, මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 2 මේ වනවිට හෝටල් හා බේකරි නිෂ්පාදන සඳහා නිකුත් කරමින් ඇති බවයි. මේ අතර ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර පරිභෝජනය සඳහා නොගන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ජනතාවගෙන්…

තව කියවන්​න

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310ක් ලෙසයි. එමෙන් ම රුපියල් 230ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 210ක් ලෙසයි . මේ අතර ආනයනික කිරිපිටි මිල අද සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා . ඒ අනුව අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල…

තව කියවන්​න

අමෙරිකාවේ මිසුරි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙනුයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ම ටොනෙඩෝ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

තව කියවන්​න

සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂනය මෙම මස 10 වනදා දක්වා දීරඝ කර තිබෙනවා. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම මත අදාළ කාලය දීර්ඝ කළ බවයි සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. සමාජ සුබ සාධක සමීක්ෂණය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා. සමීක්ෂණ කටයුතුවලට එක්ව සිටි නිලධාරීන්ට ඇතිවු හිංසනවලට නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හසලක වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගගේ දියනෑමට ගිය වයස අවුරුදු 08 කුඩා දරුවෙකු මෙලෙස අතුරුදන්ව තිබුණා. ඔහු සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගගේ දියනෑමට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම මාපිටිගම පාලම අසල කැළණි ගගේ නාන තොටුපලක දියනාමින් සිටි තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඔහු තවත් මිතුරන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ දියනෑමට ගොස් තිබුණා. නවගමුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.

තව කියවන්​න

නිධන් වස්තු සේවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරදාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකරුවන් අතර යුද හමුදා ලුතිතන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකු ද වන බවයි පොලිසිය සදහන් කළේ. ඔවුන් නිධන් සෙවීම සදහා කරදියනාරු මාවඩිඔඩයි පුරාවිද්‍යාත්මක ස්ථානයට අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.

තව කියවන්​න