- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කතානායකවරයාගේ නිල නිවසේදී හෙට උදැසන 10 ට අදාල රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මේ දිනවල හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඉල්ලා සිටිනවා. ඇය සඳහන් කරන්නේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මෙලෙස ජලය පානය කල යුතු බවයි. පාසල් වයසේ පසුවන දරුවකු නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.
අද දිනයේ දී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. දුම්රිය රියදුරන් 12 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කිරීම මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතු වූ බවයි වාර්තා වන්නේ.
ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් පමණක් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. අද අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මංජුල ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පාසල් ළමුන් ප්‍රවාහන සංගම් සියයට දහයකින් ගාස්තු අඩු කළත් තමන්ට එය කිරීමට හැකියාවක් නැති බවයි. ඒ මහතා සඳහන් කලේ සිය සංගමය පාසල් නිවාඩු මාසවල ප්‍රවාහන ගාස්තු අය නොකරන බවයි. නමුත් බස්නාහිර පළාතේ නිවාඩු මාස වලද ගාස්තු අය කරන හෙයින් ඔවුන්ට සියයට දහයකින් ගාස්තු අඩු කළ හැකි බවයි මංජුල ප්‍රදීප් මහතා පෙන්වා දෙන්නේ. ඩීසල් මිල සුළු මුදලකින් අඩු වුවත් සිය කර්මාන්තයට අවශ්‍ය අනෙක් දෑවල මිල ඉහල…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ හැමිල්ටන් හිදී අද පැවති තුන්වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 යි පන්දු 3ක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 157ක් පමණයි. පැතුම් නිස්සංක ලකුණු 57ක් ලබා ගත්තා. පන්දුයැවීමේදී ඩැරන් මිචෙල් කඩුලු 3ක් බිදහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 23යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා තරගය ජයග්‍රහණය කළා. විල් යංග් නොදැවී ලකුණු 86ක් ලබා ගත්තා.
බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් බවයි ලිඳුල පොලිසිය සඳහන් කලේ. වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට එකවරම බඹර කූඩුවක් කැඩී වැටී ඇති අතර එහි සිටි බඹරුන් ඇවිස්සී පුද්ගලයන් දෙදෙනෙකු හට දෂ්ඨ කොට තිබෙනවා. බඹරුන්ගේ දෂ්ඨ කිරීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට රැගෙන විත් ඇති අතර ඒ වන විටත් එක පුද්ගලයකු මියගොස් සිටි බවයි, ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා ප්‍රකාශ කලේ. බඹරුන්ගේ දෂ්ට කිරීමට ලක්වූ අනෙක් පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන්…
මහජනතාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් පිළිබදව සලකා බලා එම තත්වයන් යථා තත්වයට පත් කිරීමට පියවරෙන් පියවර කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ සදහා රාජ්‍ය සේවකයින්ගේ පූර්ණ සහය රජයට ලබා දිය යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අවධාරණය කර සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණ උපකාර කිරීම පිළිබදව අධිකව සතුටු නොවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය අවධාරණය කර සිටිනවා. එම අරමුදල මගින් ලබා දුන් ණය හේතුවෙන් තවත් ඩොලර් බිලියන තුනකින් ශ්‍රී ලංකාවේ ණය වැඩි වීමක් සිදු වී ඇති බවටයි එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්ධන මිල අඩු වීමත් සමග සිදු කරන ලද බස්ගාස්තු සංශෝධිත මිල ගණන් ලංගම සහ සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථ තුළ මගීන්ගේ පහසුව සදහා ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පවසනවා. එමෙන්ම සංශෝධිත මිල ගණන් බස් රථවල ප්‍රදර්ශනය කර ඇත්දැයි සොයා බැලීම සදහා ජංගම පරීක්ෂක නිලධාරින් පත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පත් කර තිබෙනවා. එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්. 1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇති ඒ මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. මීට පෙර ඒ මහතා කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















