- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
Author: VNews
මෙම වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ට දීමනා ලබා දීම සම්බන්ධයෙන් රජය විශේෂ සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අයවැයේදී සඳහන් කළ පරිදි මෙම දීමනා ලබා දෙන බවයි ඔහු පැවසුවේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර අප්‍රේල් මසට අදාළ වැටුප ලබන 10වනදාට පෙර රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.
ලොව වයස්ගතම මිනිමරු තල්මසා ලෙස සැලකෙන ලෝලිටා යළි වයඹදිග පැසිෆික් මුහුදු කලාපයට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ෆ්ලොරිඩා මියාමි වෙරළ තීරයේදී මෙම තල්මසා නිදහස් කරඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කළා. සත්ව සුබසාධන ක්‍රියාකාරින් ලෝලිටා නැමති තල්මසා නිදහස් කරන්නැයි වසර ගණනාවක සිට බලපෑම් කර තිබුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීරෙ 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් යුක්රේනයට අමෙරිකානු ඩොලර් බිලියන 15.6ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කඩාවැටී ඇති යුක්රේන ආර්ථිකය යළි ගොඩනැගීම සදහායි මෙම ආධාර මුදල ලබා දී ඇත්තේ. එහි පළමු වාරිගය ලෙස ඩොලර් බිලියන 2.7ක මුදල් මේ වන විට යුක්රේනය වෙත ලබා දී තිබෙනවා. 2025 වසර වන විට සම්පුර්ණ ආධාර මුදල ලබා දීමට අපේක්ෂිතයි. යුක්රේණ ආර්ථිකය සියයට තිහකින් පමණ බිද වැටී ඇති අතර එය ගොඩගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 150ක් පමණ වැයවනු ඇති බවයි වාර්තා වන්නේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. ඔක්ලන්ඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ෂඡඛ ෂභඔඍධ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ සන්රයිසස් හයිද්ද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. අනෙක් තරගය රොයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර ඊයේ පැවති තරග දෙකෙන් ජය හිමිකරගන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම සමත් වුණා.
අනාරක්ෂිතව යතුරු පැදි පදවමින් සිටි තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ලද තොරතුරකට අනුව පිළියන්දල පොලිසිය විසිනුයි මෙම තරුණයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිසිය පැවසුවේ ඔවුන් තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත යතුරු පැදි ධාවයේ යෙදී සිටි බවයි. අත්අඩංගුවට ගත් තරුණයින් මහරගම සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්වනවා. ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අලුත් අවුරුදු සමය තුළ මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දීම තුළින් තමන් දැඩි බලපෑමකට ලක්වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත මහතා කියා සිටියේ පදික වේදිකාවේ එළවළු විකිණීමට අවස්ථාව ලබා දීම සුදුසු නොවන බවයි. මේ පිළිබදව ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව ද අරුණ ශාන්ත මහතා සදහන් කළා. ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවෙන් තම ව්‍යාපාරික කටයුතු සිදුකරන බවත් රජයේ මෙම තීරණයක් සමග ඔවුන් තවත් අපහසුතාවට පත්වන බවත් අරුණ ශාන්ත මහතා සදහන් කළා.
සමගි ජන බලවේගය පක්ෂයේ පිරිසක් ආණ්ඩුව සමග එක්වීමට සුදානම් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් . තම ආරක්ෂාව සහ අනාගතය තහවුරු කර ගැනීමේ අරමුණින් ඔවුන් මෙලෙස එක් වන බවයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ . කෙසේ වෙතත් තම පාර්ශවයේ කිසිදු අයෙකු ආණ්ඩුවට එක් නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් . මෙය වත්මන් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රචාරණයක් බවයි මන්ත්‍රීවරයා…
මාස තුනක සේවා දිගුවක් වතමන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, කතානායක නිල නිවසේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයි. වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පසුගිය මස 25 වනදා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමට නියමිතව තිබුණා . කෙසේ වෙතත්, පසුව පොලිස්පතිවරයාට මාස 03 ක සේවා දිගවක් ලබාදීමටයි පියවර ගැනුණේ. සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම පිළිබඳව ද ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා .
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක ගුවන්තොටුපොළේ පහසුකම් වැඩිකිරීම පිළිබඳව සොයා බැලීමට එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී නවීන තාක්ෂණය යොදා ගනිමින් ගුවන්තොටුපොළ කටයුතු තවත් වැඩිදියුණු කිරීම පිළිබඳවයි අවධානය යොමු වුණේ . එළඹ ඇති සංචාරක සමයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවද ඉහළ අගයක් ගනු ලබනවා . මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගුවන්තොටුපොළ තුළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ සහ අදාළ බලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවකද අමාත්‍යවරයා නිරත වුණා. මේ එහිදී අදහස් පල කල වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















