Author: VNews

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජූනි මස පළමුවනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා. අදාළ පෙත්සම අද දින කැදවූ අවස්ථාවේදියි අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දුන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සදහා පමණක් එම පෙත්සම අද කැදවන ලෙස ඉල්ලා සිටි බවට අධිකරණයට දනවනු ලැබුවා. ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජුනි මස පළමු…

තව කියවන්​න

ඉන්දියාව සහ ලතින් අමෙරිකාවේ පිහිටි චිලී රාජ්‍ය 08 වන විදේශ කටයුතු සබඳතා පිලිබඳ සාකච්ජාවේදී විදේශීය බහු සම්බන්ධතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෞරාබ් කුමාර් විසින් මෙහිදී දෙරටටම ප්‍රධාන වශයෙන් වැදගත් වන කේෂ්ත්‍ර රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙළඳ, තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති, අභ්‍යවකාශ, කැණීම්, සහ අධ්‍යාපනය වැනි කේෂ්ත්‍ර සම්බන්ධයෙන් විද්වත් අදහස් හුවමාරුවක් ඉන්දියාව විසින් චිලී රාජ්‍යයේ විදේශ කටයුතු පිලිබඳ මහ ලේකම්වරයා සමග පවත්වා ඇතැයි ද සදහන්. මෙම සාකච්ජාවෙන් පසුව චිලී රාජයේ විදේශ කටයුතු පිලිබඳ මහ ලේකම්වරයා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුවුණු බවයි වාර්තා වන්නේ.එහිදී දෙරටේ සබඳතා තවදුරටත්…

තව කියවන්​න

එළඹෙන උත්සව සමය වෙනුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්යංශය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යාමට සියලු ප්‍රවාහන කටයුතු සූදානම් කර ඇති බවයි. අලුත් අවුරුද්දට පෙර සහ පසු ගමනාන්ත වෙත යාමට සහ ඒමට මගීන්ට ප්‍රධාන නගර ආවරණය වන පරිදි බස් රථ ලබා දෙන ලෙස සියලුම මාර්ග ප්‍රවාහන සේවා ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සහ අධිවේගී මාර්ග පර්යන්තවල අලුත් අවුරුදු විශේෂ බස් රථ විධිවිධාන සලසා තිබෙන බව සදහන්. ඒ අනුව සිංහල හා දෙමළ අලුත්…

තව කියවන්​න

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය, රසායනික පොහොර තහනම සමග වගාවට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකදී මෙය අනාවරණය වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ. මීට අමතරව රසායනික පොහොර තහනම හේතුවෙන් අර්තාපල් සහ ලොකු  ලූණූ අස්වැන්න සියයට 52 කින් අඩු වූ අතර බඩඉරිඟු අස්වැන්න සියයට 68 කින් අඩු වී තිබෙනවා. මිරිස් අස්වැන්න ද සියයට 43 කින් පමණ පහත වැටී ඇති බවයි සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම 2021 මහ කන්නයේදී රසායනික පොහොර…

තව කියවන්​න

අද සිට දේශීය කිරිපිටි මිල පහත දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතාවට සහන සැලසීමේ අරමුණින් මිල පහළ දමන බවයි එහි සභාපති ආරියසිරි විතානගේ මහතා සදහන් කළේ. එමෙන්ම නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. මේ අතර ආනයනික කිරිපිටි නව මිල ගණන් යටතේ අද සිට වෙළදපොලට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. පසුගිය සෙනසුරාදා දින ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් ද අඩු කරනු ලැබුවා. මේ අතර එළඹෙන උත්සව සමයේදී කුකු`ඵ මස් සහ බිත්තර…

තව කියවන්​න

මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සමුලුවකදී එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. අදාළ සමුලුව සදහා තමා සමග මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගි වීමට නියමිත බවටයි අමාත්‍යවරයා කියා සිටියේ.

තව කියවන්​න

තමාට එරෙහිව පවරා ඇති නඩු 121 ක් ඉවත් කරන ලෙසට පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගොනු කළ පෙත්සම අද ලාහෝර් මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙන්නේ. මීට අමතරව පාකිස්ථාන ටෙහ්රීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ සභාපතිවරයාට එරෙහිවද නඩු 100 ක් ගොනු කර තිබෙනවා.

තව කියවන්​න

කුරුණෑගල පන්සියගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ යතුරුපැදියේ පැදිකරුට, යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි. අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 19 හැවිරිදි වඩුගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

තව කියවන්​න

පැපුවා නිව්ගිනියාවේ රික්ටර් පරිමාණයේ 7යි දශම බිංදුවක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙවාක් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 97ක් දුරින්, කිලෝමීටර් 62ක් ගැඹුරට මෙම භූ කම්පනය සිදුව ඇති බවයි එම වාර්තා වල සදහන් වන්නේ. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතරු ඇගවීම් සිදු කර නොමැති අතර, භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබද මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

මස්කෙළිය, මොකාවත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ මස්කෙළිය පොලීසිය සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 33 හා 44 යන වයස්වල පසුවන මොකාවත්ත හා මස්කෙළිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ට එළැඹෙන 19 වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත මුදා හැර තිබෙනවා.

තව කියවන්​න